පිටසක්වල බැල්ම වැටුණු ඊජිප්තුවේ විස්මිත කතාව

August 4, 2017 | 8:15 am    0   456

පිටසක්වල බැල්ම වැටුණු ඊජිප්තුවේ විස්මිත කතාව

මිනිසා යනු අරුම පුදුම මැවුම්කාරයෙක් නොවේ. ඔහු ද සාමාන්‍ය සත්ත්වයෙකි. වෙනස ඔහු සතු බුද්ධියයි. එය ද අසීමිත වූවක් විය නොහැකිය. එහෙත් දෑස් ඉදිරියේ විස්මිත මිනිස් නිර්මාණ බිහිව තිබීම නම් ගවේෂණය කළ යුතු උභතෝකෝටියකි. එමෙන්ම වර්තමානයේ නිමැවෙන නිර්මාණ ගැන වටහා ගැනීමට නම් අපගේ සාමාන්‍ය දැනීම හා නව සන්නිවේදන තාක්ෂණයන් ප්‍රමාණවත් වුවත්, වසර දහස් ගණනකට පෙර විසූ මිනිසා නිර්මාණය කළ පුදුමාකාර දේ පිළිබඳව අධ්‍යනය කිරීමට ඔබට මට ඇත්තේ කුතුහලයක්ය. එහෙයින් අපි අද අතීත චාරිකාව යොදාගත්තේ පුරාණ ඊජිප්තුවටය.

නයිල් නිම්න මිටියාවතේ ආරම්භ වුණු පුරාණ මිසර ශිෂ්ටාචාරය හෙවත් ඊජිප්තු ශිෂ්ටාචාරයේ මුල්ම රජු ලෙසට හඳුනාගැනෙන්නේ ක්‍රි.පූ.3150 දී පමණ එම ප්‍රදේශය පාලනය කළ පළමු වන පාරාවෝ රජුය. එහෙත් ඊට පෙරත් නයිල් ගංගා නිම්නය මනුෂ්‍ය වාසස්ථානයකි.

කෙසේ වෙතත් මිසර ශිෂ්ටාචාරය පැවති ඊජිප්තු භූමිය අපට කුතුහලය කේන්ද්‍ර කළ හැකි තැනකි. ඒ විශේෂයෙන්ම පුරාණ මිසරය අපට නටඹුන් කොට ඉතිරි කර ඇති ඔවුන්ගේ විස්මිත ගෘහ නිර්මාණ ශිල්පයේ සාක්ෂි සලකුණු නිසාය. වත්මන් නවීන තාක්ෂණයෙන්වත් තවමත් කිරීමට අපහසු බොහෝ දේ ඔවුන් එකල සිදු කළේ කෙසේද යන්න ප්‍රෙහේලිකාවක් නිසාය.

ඊජිප්තුවේ අතීත ගෘහ නිර්මාණ ශිල්පය විදහා දක්වන මූලාශ්‍ර ලෙස පිරමීඩ සහ ආගමික ස්ථාන හැඳින්විය හැකිය. අෑත යුගයේ මිසර ගල් වඩුවන්ට එවැනි වූ විස්මිත නිර්මාණ කරන්නට හොඳ විෂයික ඥාණයක්, දැනුමක් මෙන්ම දියුණු මෙවලම් සහ ආයුධ තිබී ඇති අතර අවස්ථානෝචිත තාක්ෂණයන් ද භාවිත කර ඇත.

ඓතිහාසික මූලාශ්‍රවලට අනුව පුරාණ මිසරයේ ප්‍රභූවරුන් සඳහා නිවාස තනා ඇත්තේ ඉතා උසස් අමුද්‍රව්‍යවලිනි. ඒවා අතුරින් Malkata (මල්කාටා) සහ Amarna (අමර්නා) යනුවෙන් හැඳින්වෙන රජ මාළිගා දෙකක නටඹුන් අදටත් ඉතිරිව තිබේ. එවැනි මාළිගා දිගු කාලීන පැවැත්ම උදෙසා ගොඩනගා නැති අතර ආගමික ස්ථාන වැනි ඉදිකිරීම් පමණක් කළු ගලින් නිමවා ඇත.

දැනට හමු වී තිබෙන ඉපැරණිම ඉදි කිරීම් වූ ආගමික ගොඩනැගිලිවලට නිදසුන් Giza (ගිසා) ප්‍රදේශයේ දක්නට තිබේ. ඒවා බොහොමයක් ගල් කණුවලින් සමන්විත ශාලාමය ගොඩනැගිලිය. Mastaba (මස්ටබා) ප්‍රදේශයේ හමුවී ඇති සොහොන් කොතෙන් එකල පැවති සොහොන් කොත් ඉදිකිරීමේ කලාව පිළිබඳව ද මැනවින් පැහැදිලි වේ.

නයිල් ගංගා නිම්නය යැයි කියන විට නිතැතින් සිහියට නැගෙන්නේ සුවිසල් පිරමීඩය. පිරමීඩ යනු ත්‍රිකෝණාකාර පැති හතරකින් සමන්විත, ඉහළ දී ශීර්ෂ එක්වන, පහළදී සමචතුරස්‍රාකාර පාදමකට සම්බන්ධ වන නිර්මාණයන්ය. ලෝකයේ ජීවත් වූ විවිධ ප්‍රදේශවල, විවිධ ජන කොටස් විවිධ ආකාරයන්හි පිරමීඩ සෑදුවත්, වඩාත් ප්‍රසිද්ධ සහ වඩාත් පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් පිරමීඩයන්හි හිමිකරුවෝ ඊජිප්තු වැසියෝය.

ඉතිහාසඥයන් පවසන්නේ ක්‍රි.පූ. 2630ත් ක්‍රි.පූ.1530ත් අතර වසර 900ක කාලය තුළ ඔවුන් පිරමීඩ 90කටත් වඩා නිර්මාණය කර ඇති බවයි. මුල් කාලයේදී ගල් කුට්ටි යොදාගෙන පිරමීඩ නිර්මාණය කර ඇති අතර පසු කාලීනව පස් භාවිතයෙන් සකස් කළ විශාල ගඩොල් මේ වෙනුවෙන් යොදාගෙන තිබේ.

මෙතරම් විශාල ගල් කුට්ටි ප්‍රමාණයක් එම පිරමීඩ වැඩබ්ම්වලට ගෙන ආවේ කෙසේද යන්න අපට තවත් ප්‍රෙහේලිකාවකි. ඉතිහාස ගවේෂකයන්ගේ මතය නම් ඒවා විවිධ ස්ථානවලින් නයිල් ගඟ හරහා යාත්‍රා යොදාගෙන ගෙන එන්නට ඇති බවයි. නමුත් එවැනි යුගයක ටොන් ගණනක් බර ගල් කුට්ටි මෙතරම් ප්‍රමාණයක් එලෙස රැගෙන ආවේ යැයි සිතීමම විස්මය ගෙන දෙයි. ගොඩබිම් මාර්ගවලින් ගෙන ආවේ නම් ඒ සඳහා විශේෂ රථ නිර්මාණය කරන තිබෙන්නට ඇත. එමෙන්ම ඉතා ශක්තිමත් ශ්‍රම බලකායක දායකත්වය ද ඔවුනට නොලැබුණා යැයි සිතිය නොහැකිය.

මිසර වාසීන් ප්‍රධාන දිශා හතරට අදාළ වන ලෙස නයිල් ගංගාවේ බටහිරට වන්නට මෙම පිරමීඩ තනා තිබේ. එහි අර්ථය නම් එම ශිෂ්ටාචාර වැසියන් අතර වූ විශ්වාසයකි. එනම් සෑම දිනයකම ඉර බැස යනවිට පිරමීඩවල තැන්පත් කර ඇති ඔවුන්ගේ පාලකයන්ගේ ආත්මයන් එම සිරුරුවලින් ඉවත් වී අහසට යන බවත්, නැවත හිරු පායා එන විට එම ආත්මයන් නැවත සිරුරුවලට පැමිණ අලුත් වන බවත්ය. එම ජන සමාජය තුළ එවැනි විශ්වාසයන් බොහෝ වේ.

එයට හේතුව පාරාවෝ රජවරු තමන්ට දේවත්වයක් ආරෝපණය කරගෙන සිටීමයි. එමෙන්ම ඔවුන් හා වැසියන් Maat (මාට්) අතර සෘජු අදහස් හුවමාරුවක් තිබී නැත. දේවාලයක දෙවියන් හා ගනුදෙනු කරන පූජකයන් සේ මෙහිද රජු හා ගනුදෙනු කිරීමට විශේෂ අතරමැදියන් පිරිසක් ඉඳ තිබේ. එම හේතුව නිසා එම රජවරුන්ට දේවත්වයක්, ඉන්ද්‍රජාලික බවක් ආරෝපණය වන්නට ඇතැයි සිතිය හැකිය.

එම ඊජිප්තු පිරමීඩවල තැන්පත් කර ඇති මෘත දේහයන් මමිකරණයට ලක් කර තිබේ. පොදු මතයට අනුව එම මමි පුරාණ රජවරුන්ගේ සහ රැජිනියන්ගේ වන අතර පිරමීඩ ඔවුන් වෙනුවෙන් ඉදි කර ඇති ස්මාරක වේ. එහෙත් එය එසේ බැහැර කළ නොහැකිය. එම නිසා මෙම විස්මිත පිරමීඩ නිර්මාණය කළ ආකාරය සහ එහි සැබෑ අරමුණ කුමක්ද යන්න අධ්‍යයනය කළ යුතුය.

ටොන් 12 පමණ සිට ටොන් 80ක් පමණ බර ගල් කුට්ටි දක්වා ගල් කුට්ටි මිලියන 2.3ක් පමණ ඔවුන් සකසාගෙන ඇත්තේ ගල් කටුවක් සහ ගලක් භාවිතයෙනි. මෙම ගල් බොහෝමයක් ට්ඪලච වෙත අස්වාන් නම් ප්‍රදේශයෙන් ගෙන ආ බවට අදටත් සාක්ෂි ඉතිරිව තිබේ. අස්වාන්හි කපා නිම නොකළ අඩි 126ක් පමණ දිග ටොන් 1300ක් පමණ බර ගල් කුට්ටියක් ද අදටත් දැකගත හැකිය.

මෙම ඉදිකිරීම් සඳහා වරකට මිනිසුන් 25000ත් 30000ත් අතර පිරිසක්වත් සේවය කරන්නට ඇති බව විද්වතුන් ප්‍රකාශ කරන අතර, එයට ගැහැනු, පිරිමි දෙපාර්ශවයම අන්තර්ගත වේ. එමෙන් මේ සඳහා ලීවර, කඹ, ලී පෝරු ආදිය යොදාගෙන තිබෙන අතර වෙළෙඳුන්, පෙදරේරුවන්, බේකරිකරුවන් සහ වෛද්‍යවරුන් ඔවුන්ගේ සහයට වැඩබිම්වල සේවය කර ඇත.

ට්ඪලචහි පිරමීඩවල තාක්ෂණය අධ්‍යනයේදී ඉතාමත් දියුණු තාක්ෂණික ඥාණයක් මෙම ශිෂ්ටාචාර වැසියන් සතුව තිබී ඇති බව වටහා ගත හැකිය. එනම් නියමිත පරිමාණයකට අනුව පිරමීඩයේ සෑම දෙයක්ම නිර්මාණය කර ඇති නිසා ඕනෑම ස්වභාවික ආපදාවකට ඔරොත්තු දීමට එම පිරමීඩවලට හැකිව තිබේ.

තවද මේවා ගොඩනගා ඇති ස්ථාන ද එයට උචිතම ස්ථානයන් වේ. එමෙන්ම වර්තමානයේ සුවිසල් ගොඩනැගිලි නිර්මාණයේදී මාලිමාව සහ තවත් උපකරණ යොදාගනිමින් නිවැරදි අංශක ගණනට ඒවා නිර්මාණය කරන නමුත් වසර දහස් ගණනකට පෙර මෙම පිරමීඩ සෑදීමේදී ඒවා එසේ මැන ගත්තේ කෙසේද යන්න ගැටලුවකි.

මෙම ඊජිප්තු පිරමීඩ අතර ට්ඪලචහි මහා පිරමීඩය විශේෂ තැනක් ගනී. එම පිරමීඩයට ඇතුළු වන ‍ෙදාරටුව පිහිටා ඇත්තේ මීටර් දාහතක් (අඩි 56ක්) ඉහළිනි. එයට හේතුව ලෙස හැඳිවෙන්නේ මරණින් පසු පාලකයන්ට බාධා නොකළ යුතුය යන ඔවුන්ගේ විශ්වාසයයි. මෙම මහා පිරමීඩයේ ඇතුළත ප්‍රධාන කුටි 03කි. ඒවාට යාමට වෙනම මාර්ග ද ඒ තුළ නිර්මාණය කර තිබේ.

එමෙන්ම මෙහි ඇති රැජිනගේ කුටිය සහ රජුගේ කුටිය දෙආකාරයකින් සකස් කර ඇත. නමුත් රැජිනගේ කුටියේ බිත්ති සම්පූර්ණයෙන්ම නිමවා නැත. තවද මින් ඉහළින් පිහිටා ඇත්තේ රජුගේ කුටිය වන අතර එයට ඉහළින් තවත් කුඩා කුටි ගණනාවක් සාදා ඇත. එයට හේතුව රජුගේ කුටියට එන බර අඩු කිරීමට අවශ්‍ය වීම බව පුරා විද්‍යාඥයන්ගේ මතයයි.

මෙම පීරමීඩ සෑදු පුරාණ ඉන්ජිනේරුවන් ජ්‍යාමිතියට අනුව මේවා සකස් කර තිබීමෙන් ඔවුන් ගණිත මිනුම් සම්බන්ධයෙන් දැන සිටි පිරිසක් බව අනුමාන කළ හැකිය. එමෙන්ම ඔවුන් තාරකා විද්‍යාව, සූර්යයාට ඇති දුර ආදිය ද දැන සිටි බවට සැක මතුවේ. එයට එක් හේතුවක් ලෙස ට්ඪලචහි මහා පිරමීඩය සහ පරිවාර පිරමීඩ දෙක පිහිටා ඇති ආකාරය නිරීක්ෂණය කරන විට, එය රාත්‍රියේ අහසේ දිස්වන ඔරායන් තාරකා රාශියේ ප්‍රධාන තරු තුනේ පිහිටීමට සමානව පිහිටා තිබීම ගත හැකිය.

එමෙන්ම තවත් සුවිශේෂී කරුණක් නම් Gizaහි මහා පිරමීඩයත් ඊට එහායින් ඇති මන්කවුරි නම් පිරමීඩයත් අතර මධ්‍ය ලක්ෂයෙන් හිරු බැස යාමයි. එනම් පිරමීඩ දෙක ඉදිකර ඇත්තේ හිරු බැස යන ලක්ෂයෙන් දෙපසට වන්නටය.

වැඩි දෙනෙකුගේ මතය මෙම පිරමීඩ ස්ථාන ගත කිරීම සහ ඒවායේ විශාලත්වයත්, අනෙකුත් ලක්ෂණත් අනුව මේ හරහා පිටසක්වල ජීවීන් සමඟ සබඳතා පැවැත්වීමට ක්‍රමයක් තිබෙන්නට ඇති බවය. එම මතයට තවත් හේතු තිබේ. එනම් එම පිරමීඩ තුළ හා දේවස්ථාන තුළ ඇති සිතුවම් කියාපාන සමාජ වෙනසයි.

ඊජිප්තුවේ Abydos දේවස්ථානයේ ඇති වර්තමානයේ පවතින හෙලිකොප්ටරයක, සබ්මැරීනයක, යුද ටැංකියක රූප එයට උදාහරණ වේ. වසර 4700කට පෙර තරම් අෑත අතීතයේ මිනිසුන් මෙවැනි දේ ගැන දැන සිටියේ කෙසේද යන්න නොවිසඳුණු ගැටලුවකි.

තවද ඊජිප්තුවේ කියිරෝ කෞතුගාරයේ තිබෙන “Tri-Lobed-Disc” නම් සුප්‍රසිද්ධ තැටිය කාගේත් කතා බහට ලක්වේ. මෙය එකල භාවිත කළ කිසියම් යන්ත්‍රයක කොටසක් බව බොහෝදෙනාගේ අදහසයි.

එමෙන්ම Colonel Vyse නම් පුද්ගලයා 1836දී Gizaහි මහා පිරමීජයේ රජුගේ කුටියේ දකුණු පසින් වාතය ගෙන එන කවුළුවේ තිබී අඟල් 12ක් දිග, අඟල් 4ක් පළල තුනී තහඩු කැබැල්ලක් සොයාගෙන තිබේ. මේ පිළිබඳව පරීක්ෂණ කළ විද්‍යාඥයන් පවසා සිටියේ එය පිරමීඩය නිර්මාණය කළ වකවානුවටම අයත් බවත්, එය ඉතාම උසස් තත්ත්වයේ යකඩයක් බවත්ය.

තවත් කාරණයක් නම් මිසර වැසියන් විසින් අඳිනු ලැබ ඇති සමහර සිතුවම්වල අමුතු ජීවීන්ගේ රූප තීබීමයි. ඉන් සමහර රූප අප අදටත් පිටසක්වල ජීවීන්ගේ රූප ලෙස භාවිතා කරන රූපකායන්ට සමානය.

මේ අනුව පුරාණ ඊජිප්තු වැසියන් විසින් ඉදිකරනු ලැබ ඇති මේ විස්මිත සුවිසල් නිර්මාණ බිහිවූයේ කුමක් අරමුණු කොටගෙන ද යන්න සහ මේවා නිර්මාණයට යොදාගත් තාක්ෂණය කෙබඳු වූවක් ද යන්න අදටත් කුතුහලය දනවන ගැටලුවකි. අඟල්වලට සමාන මිනුම් ඒකකයක් භාවිත කර ඇති ඔවුන් එතරම් ගණිත ඥාණයක් ළඟා කර ගත්තේ කෙසේද යන්න ද ප්‍රෙහේලිකාවකි.

සැබැවින්ම මෙම ගොඩනැගිලි විස්මිත ආකාරයට නිර්මාණ්‍ය වූයේ පිටසක්වල ජීවීන්ගේ බලපෑමකින් ද නැතහොත් ජනතාවගේ එකමුතුකමින් සහ දක්ෂ පාලකයන්ගේ මෙහෙයවීම්වලින්ද යන්න ගවේෂණය කළ යුතු කරුණකි.

ඉසුරු සුධාරක දිසානායක

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: