පිතිකරුවන් හා එක්දින තරගාවලිය ගැන සනා කතා කරයි

January 27, 2017 | 12:17 pm    0   2093

පිතිකරුවන් හා එක්දින තරගාවලිය ගැන සනා කතා කරයි

දිගින් දිගටම පිතිකරුවන්ගේ අසාර්ථක වීම හේතුවෙන් තරග පරාජය වුවද විස්සයි – 20 තරගාවලියේ දී දැක්වූ දක්ෂතා අනුව එක්දින ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගත හැකිබව හිටපු සුපිරි පිතිකරු හා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසයි.

විස්සයි – 20 තරගාවලියේදී පිතිකරුවන්ගෙන් බලාපොරොත්තු වූ දක්ෂතා දැකගත හැකිවූ බව හා විශේෂයෙන් නිරෝෂන් දික්වැල්ල තරගාවලිය පුරාම ලබා දුන් ආරම්භය ඉතා වැදගත් වූ බවද ඔහු එහිදී පවසා ඇත.

තුන්වැනි විස්සයි – 20 තරගය ජය ගැනීමේදී පිතිකරුවන්ගෙන් උපරිම දක්ෂතා දැක ගත හැකි වූ බවද සනත් ජයසූරිය මහතා පෙන්වා දුන්නේ ය.

ඒ මහතා වැඩිදුරටත් මෙමෙස්ද පැවසීය.

“පන්දුවට පහරදීමට පැමිණීමේදී පිතිකරුවන් තමන්ගේ රාජකාරිය සිදුකළා. ආරම්භයක් ලබා දුන්න දික්වැල්ල, ඒ වගේම උපුල් තරංගත් ආරම්භයක් ලබා දුන්න. ඒ වගේම පිතිකරුවන් හැම දෙනෙක්ම ඉතාමත් හොඳට පන්දුවට පහරදුන්න.ටෙස්ට් තරගාවලියේ අමිහිරි පරාජය අමතක කරමින් එක්දින තරගාවලියට ධනාත්මකව මුහුණදීමට, පන්දුවාර 20/20 තරගාවලි ජයග්‍රහණය ඉතා වැදගත්. ටෙස්ට් තරගාවලියෙන් අන්ත පරාජයෙන් පසුව, 20යි 20 තරගාවලිය ජය ගැනීම ගැන රටක් විදියට අපිට සතුටුවන්න පුළුවන්. කණ්ඩායම හොඳ කණ්ඩායමක්, කණ්ඩායමේ ක්‍රීඩකයො තම තමන් ගෙ දක්ෂතා එක්ක තමන්ගෙ වගකීම ඉටු කරන්න බලාපොරොත්තු වෙන්න ඕනෙ. ඒ අය ඒකට මහන්සි වෙනව ඉදිරි තරග 5 ත් හොඳින් කරන්න.”

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පෝට් එලිසබත් හී දී හෙට (28) ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: