පියා සමඟ වූ ආරවුලකට කුඩා දරුවෙකුට උණු වතුර වත්කර හීටරයකින් පුච්චලා

July 12, 2017 | 3:55 pm    0   241

පියා සමඟ වූ ආරවුලකට කුඩා දරුවෙකුට උණු වතුර වත්කර හීටරයකින් පුච්චලා

කුඩා දරුවෙකුගේ පියෙකු සමඟ තිබූ අමනාපයක් හේතුවෙන් කුඩා දරුවෙකුට උණු වතුර වත්කර විදුලි හීටරයකින් පුළුස්සා අනතුරට පත්කළ පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම පිළිස්සුම් තුවාල හේතුවෙන් දරුණු ලෙස අනතුරට පත් මෙම දරුවා මේ වනවිට සති කිහිපයක සිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

කුරුණෑගල බරන්දන කොටකන්ද හොප්වෙල් වත්තේ පදිංචි 14 හැවිරිදි දරුවෙක් මෙලෙස අනතුරට පත්ව ඇත.

දරුවාගේ පියා මේ පිළිබඳව මෙලෙස සඳහන් කර ඇත.

“හොප්වෙල් වත්තේ තියන කුලී ගෙයක තමයි අපි ජිවත් වෙන්නේ. මේ සිද්ධිය වුනේ ජුනි 16 වැනිදා. එදා පුතාට අසනීපයි කියල ස්කොලේ නොගිහින් පුතා ගෙදර නැවතුනා. ගෙදර අනිත් අය වැඩට යන නිසා පුතා ගෙදර තනියම හිටියේ. එදා උදේ 9.30 විතර තුන්දෙනෙක් ගෙදර ඇවිත් ළමයට කියල තියනවා උඹලගේ තාත්තට පාඩමක් උගන්වන්න උඹව මරන්ම අපි අවේ කියල.

ඊට පස්සේ මේ තුන්දෙනා පුත්ව බිම ගෙන පාගල තියනවා. ඊටත් පස්සේ පහෙන උණු වතුර එකක් පුතාගේ මුණට හලලා  තියනවා. ඊටත් පස්සේ හීටරය කරන්ට් එකට ගහලා ඒකෙන් පුතාගේ කණ පුච්චලා. එහෙම කණ පුච්චද්දී  පුතාට සිහි නැතිවෙලා. ඊට පස්සේ පුතා මැරුණා කියල හිතල ඒ තුන්දෙනා යන්න ගිහින්.

ගෙදර අයිතිකාරයට ගෙ ඇතුලෙන් කෙන්දිරිගන සද්දයක් ඇහිලා ඇවිත් බලලා තියනවා. එය තමයි පුතාව ස්පිරිතාලේට එක්ක ගිහින් තියන්නේ. දැන් මාසයක් විතර ඉදන් පුතා ඉන්නේ කුරුනෙගල ICU එකේ. පුතාගේ කනක් සම්පුර්ණයෙන්ම  නැතිවෙලා.වම අහ සම්පුර්ණයෙන්ම පිච්චිලා. උගුර සම්පුර්ණයෙන්ම පිච්චිලා නිසා මොකුත් කන්න බොන්න බෑ. නහයෙන් දාපු බටයකින් දියර ආහාර විතරයි දෙන්නේ”

මෙම අපරාධයට සම්බන්ධ එක සැකකරුවෙක් අතධන්ගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අනිකුත් සැකකරුවන් සොයා පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: