පිස්සු හැදෙන මසරාටි

January 25, 2017 | 7:30 am    0   482

පිස්සු හැදෙන මසරාටි

මසරාටි මෝටර් රථ සමාගම 1914 දෙසැම්බර් 1 දින ඉතාලියේ බොලොග්නාහිදී ආරම්භ කරන ලදී. මසරාටි සහෝදරයන් වන ඇල්ෆෙයරි, බින්ඩෝ, කාර්ලෝ. එටොර් සහ අර්නෙස්ටො යන අය විසින් මෙය අරඹන ලදී.
වර්තමානයේ මෙහි අයිතිය ඉතාලියේ ෆියට් (Fiat) සමාගමට හිමි වන අතර මූලස්ථානය පිහිටා ඇත්තේ ඉතාලියේ මැඩෙනා හි ය.

මසරාටි මෝටර් රථයේ වෙළෙඳ සංකේතය වන්නේ ත්‍රිශූලයයි. (Trident). ත්‍රීශූලය වෙළෙඳ සංකේතය ලෙස ගැනීමට හේතු වී ඇත්තේ ඔවුන්ගේ උපන් ගම වූ බොලොග්නාහි Piazza Maggiore පිහිටුවා ඇති ත්‍රීශූලයක් අතදරාගෙන සිටින නෙප්චූන්ගේ පිළිරුවයි. එමඟින් ශක්තිය සහ ජවය නිරූපණය වීමත් මෙන්ම තම උපන් ගම සිහිවීමත් පිණිස මෙය සංකේතය ලෙස ගැනීමට තීරණය කෙරුණි.

1937 දී පමණ මසරාටි සහෝදරයන් තම සමාගම Adolfo Orsi පවුලට විකුණා දැමුණ නමුත් තවදුරටත් මෝටරථ නිෂ්පාදනයට හවුල්  විය. 1939 සහ 1940 වසර දෙක තුළ දීම Maserati 8CTF රථය සුපිරි Indianapolis 500 තරගාවලිය ජය ගෙන එසේ කළ පළමු ඉතාලි මෝටරථ සමාගම බවට පත් විය. 1957 දී Maserati 250F රථය ලෝක ශූරතාව දිනා ගැනීම විශේෂ සිදුවීමක් විය.

1957 සිදුවූ සිදුවීමක් නිසා මසරාටි මෝටරථ ධාවනයෙන් ඉවත් වී සාමාන්‍ය වෙළෙඳප Maserati 3500GT රථය බෙහෙවින් ජනප්‍රිය විය.

1968 දී සමාගම ප්‍රංශ මෝටරථ සමාගමක් වන Citroen අතට පත් විය. Maserati Indy, Maserati Bora, Maserati Merak. Maserati Khamsin යන රථ වෙළෙඳපොළට නිකුත් කරන ලදී. 1973 ලෝක තෙල් අර්බුදයත් සමඟ Citroen සමාගම බලවත් අවදානමකට මුහුණ පෑමට සිදුවිය. අවසානයේ ඔවුන් මසරාටි සමාගම වසා දමන බවට නිවේදනය කරන ලදී. එහි සේවයේ නියුතු 800කගේ පමණ රැකියා නැතිවීමේ අවධානමකට පත් විය. කෙසේ නමුදු විවිධ පාර්ශවල මැදිහත්වීම නිසා අවසානයේ Alejandro De Tomaso මහතා සහ Benelli සමාගම මසරාටි සමාගම මිලදී ගන්නා ලදී.

1993 වසරේ දී Fiat සමාගම Maserati සමාගම මිලදී ගන්නා ලදී. මෙම ගණුදෙනුව ද වැඩිකල් නො පැවතුණු අතර Ferarri සමාගම විසින් 1997 දී මිලට ගන්නා ලදී. 2002 වසරේ දී Maserati රථ ඇමරිකානු වෙළෙඳපොළට නැවත නිකුත් කෙරුණි. 2005 දී Ferarri සමාගමෙන් නැවත වරක් Fiat සමාගම අතට පත් විය. අද වන විට ද (2015) මෙහි අයිතිය Fiat සමාගම සතුවේ.

වර්ෂ 2014 දී මසරාටි තම සියවස සමරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: