පිළිකා රෝහලේ දරුවන් සමග නත්තල්.

December 19, 2016 | 7:45 pm    0   651

පිළිකා රෝහලේ දරුවන් සමග නත්තල්.

නත්තල වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් විනෝදාත්මක වැඩසටහනක් දෙසැම්බර් 22  දින සංවිධානය කෙරෙනවා. ඒ හරහා නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ මානසික සමබරතාව පවත්වා ගැනීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පිහිටුවා ගත් “හමුවෙමු” මිතුරු සාමූහිකය දෙවන වරටත් එවන් වැඩසටහනක් සමග මෙවර නත්තල සමරන්න සූදානම්. දරුවන්ගේ මානසික සුවය සදහා චිත්‍රපට දර්ශනයක් සමග විවිධ ක්‍රියාකාරකම් සහ ගීත ගායනා ඇතුළත් පැය තුනක වැඩසටහනක් මේ යටතේ පැවැත්වීමට නියමිතයි. හමුවෙමු සාමූහිකයේ 680කට අධික සාමාජික පිරිසත් ඒ පිරිස හරහා දිවයින පුරා විසිර සිටින පරිත්‍යාගශීලීන් සමග මේ කටයුත්ත සිදුකිරීමට අපේක්ෂා කෙරෙනවා. නේවාසික ප්‍රතිකාර ලබන දරුවන්ට අවශ්‍ය සෙල්ලම් බඩු පාසල් උපකරණ වැනි භාණ්ඩ පරිත්‍යාග කිරීමකුත් මේ යටතේ සිදු වෙනවා. සාමූහිකයේ සාමාජික පිරිස් හරහා මේ වනවිටත් ඔවුන්ට අවශ්‍ය පරිත්‍යාගයන් ලැබෙමින් පවතින බව සදහන්. පසුගිය වසරේ පළමු වරට මේ කටයුත්ත සංවිධාන කිරීමෙන් ලද අත්දැකීමත් සමග දෙවන වරටත් එවන් කටයුත්තක් සංවිදාන කළ බව සාමූහිකයේ සංවිධායක කණ්ඩායම පවසනවා. මීට වසර දෙකකට පෙර හමුවෙමු නමින් පිහිටුවාගත් සාමූහිකය මේ වනවිට විවිධ ක්‍රියාකාරකම් රැසක් සිදුකොට තිබෙනවා. ඒ යටතේ ක්ෂේත්‍ර වැඩසටහන්, පරිත්‍යාග, දැනුවත් කිරීමේ වැඩසටහන්, පොත් කියවීම්, ශාස්ත්‍රීය කතිකා ආදිය විශේෂයි. පොත් කියවිමට නැඹුරු වුන ඒ පිළිබද අදහස් හුවමාරු කරගැනීමට ෆේස්බුක් අඩවිය හරහා එක්වුන පිරිසක් මේ සාමූහිකය ආරම්භ කොට මේ වනවිට සාමාජිකයින් 700කට ආසන්න පිරිසක් සහිත සාමුහිකයක් බවට පත්වෙලා. මේ යටතේ තවත් ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: