පුහුණුවීම් අතරතුර ඇඳවැටුණු ත්‍රිත්ව සිසුවා මරුට

October 2, 2017 | 2:57 pm    0   259

පුහුණුවීම් අතරතුර ඇඳවැටුණු ත්‍රිත්ව සිසුවා මරුට

වයස අවුරුදු 18ක් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ රගර් ක්‍රීඩකයෙක් සිය පුහුණුවීම් අතරතුර ඇඳ වැටීම නිසා මහනුවර මහ රෝහලට ඇතුළත් කළ අතර, ඔහු මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇත.

ත්‍රිත්ව විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි භාතිය ඒකනායක නම් මෙම යොවුන් රග්බි ක්‍රීඩකයා ඊයේ (30) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී සිදු කරන ලද පුහුණුවීම් සැසියක් අතරතුර දී මෙලෙස ඇඳ වැටී තිබූ අතර, ඉක්මනින්ම ක්‍රියාත්මක වූ පුහුණුකරු ඇතුළු කාර්ය මණ්ඩලය ඔහුව මහනුවර මහ රෝහලට ඇතුළත් කරන ලදි. 

පසුව ඔහුව දැඩි සත්කාර ඒකකයට යොමු කළ නමුත්, පැය 12කට ආසන්න ජීවිතය බේරා ගැනීමේ සටනකට පසුව අද (1) දහවල් ඔහු මෙලොවින් සමුගෙන ගොස් ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: