පෙරළිකාර පාකිස්තානුවන් ආඩම්බරකාර ඉන්දියාවේ රෙදි ගලවයි

June 19, 2017 | 8:58 am    0   203

පෙරළිකාර පාකිස්තානුවන් ආඩම්බරකාර ඉන්දියාවේ රෙදි ගලවයි

ByEditor

අටවැනි ශුරයන්ගේ කුසලාන තරගාවලියේ ලොකුම පෙරලිය සිදු කරමින් පාකිස්තානය ඊයේ (19) එහි ශුරතාවය දිනාගනු ලැබුවේ ක්‍රිකට් ලොව ඉන්දියානු ආධිපත්‍යට මාරු පහරක් එල්ල කරමිනි. ඒ ප්‍රබල ඉන්දියාව ලකුණු 180 න් පරාජයට පත් කරමිනි.

දෙවරක්ම මෙම ශුරතාවයේ පහස හිමිකරගත් ඉන්දියාව මෙවර ශුරතාවය හිමිකරගැනීමට හැකි කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටි කණ්ඩායමයි. පාකිස්තානය තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් අතර ශ්‍රේනිගතකිරීම්හි අවසානයට සිටි කණ්ඩායමයි. එම නිසාවෙන්ම මෙය ක්‍රිකට් ලොව සැබෑම පෙරලියක් බවට පත්විය.

මුලික වටයේ තරගයේදී ඉන්දියාව පාකිස්තානය පරාජයට පත්කර තිබුනද , ඊයේ (19) පකිස්තානය පිටියට පිවිසියේ ඒ සියල්ල අමතක කරමිනි. ඉන්දියාව අවසන් තරගයට පිවිසියේ ශ්‍රී ලංකාව හමුවේ පමනක් පරාජයට පත් වෙමිනි.

ඉන්දු – පාකිස්තාන තරගය යනු ක්‍රිකට් ලොව උණුසුම්ම තරගය බව සියල්ලෝම දනිති. වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන තරගය වන්නේද ඔවුන්ගේ තරගයි. ඉතින් එම කණ්ඩායම් දෙකේ අයි.සි.සි. තරගාවලියක අවසන් මහා තරගයක් ගැන අපි මොනවා නම් සිතන්නද ?

කාශ්මීරයෙන් ලන්ඩන් රැගෙන ගිය ඉන්දු – පකිස්තාන් ගැටුම නිමවුයේ පාකිස්තානයට ජය හිමිකර දෙමිනි. කාසියේ වාසිය දිනාගත් වීරත් කෝලි පළමුව පන්දුවට පහරදීමේ අවස්තාව පකිස්තානයට ලබාදෙන ලදී. ඉන් උපරිම පල නෙලාගත් පාකිස්තානය පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු වූ ඕවල් තනතිරුවේදී පන්දුවාර 50 අවසනදී කදුළු 4 කට ලකුණු 338 ක් ලබා ගනී.

ප්‍රබල පිතිකරු බලඇණියකින් සන්නද්ධ ඉන්දියාවට මෙය එතරම් විශාල ලකුණු පුවරුවක් නොවන බව බොහෝ විචාරකයන්ගේ අදහස විය. එනමුත් ආරම්භයේ සිටම ක්‍රියාත්මක වූ පාකිස්තානු පන්දු යවන්නෝ ඉන්දියානු ඉනිම සිය අනසකට යටත් කරගත්තේ කිසිවෙකු අපේක්ෂා නොකළ පරිද්දෙනි. ඉන්දියානු ඉනිම ගරාවැටෙත්දී එයට ජීවයක් එක්කල එකම පිතිකරුවා වුයේ පාන්ඩේ පමණි. ලකුණු 76 කට දුවත්දී දැවියමකට ලක්වූ පාන්ඩේ ක්‍රීඩාගාරයට ගොස් සුළු මොහොතකින් ඉන්දියානු ඉනිම ද අවසන් විය. එවිට පන්දුවාර 30.3 අවසනදී ලකුණු 158 ක් ලෙස ඉන්දියානු ලකුණු පුවරුවේ සටහන් විය.

තරගය අවසන් වීමටත් පෙර ඉන්දියානු ප්‍රේක්ෂකයෝ ප්‍රේක්ෂකාගාරයෙන් ඉවත් විය. අවසනදී ඉතිරිවූයේ පකිස්තානුවන් පමණි. තරාගවලියට පෙර වහසි බස් දේදඩු කෝලි ඇතුළු පිරිසට රෙදි ඇඳගෙන යලි ගම රට බලා යාමට නොහැකි තත්වයක් දැන් උදාවී ඇත. ඒ වෙනකක් නිසා නොව ක්‍රිකට් ලොවේ රජ්ජුරුවෝ මෙන් හැසිරුණු ඉන්දියාව මේ පරාජයට පත්වන්නේ ඔවුන්ගේ සාම්ප්‍රදායක ප්‍රතිමල්ලවයන්ට බැවිනි.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී සම්මාන ලාභීන්

අවසන් තරගයේ වීරයා – ෆකාර් සමාන්
ස්වර්ණමය පිත්ත – ශිකර් ධවාන්
ස්වර්ණමය පන්දුව – හසන් අලි
තරගාවලියේ වීරයා – හසන් අලි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: