පේරාදෙණියේ නවක සිසුන්ගේ නිරුවත බැලු පස් දෙනා 24 තෙක් රිමාන්ඩ්

April 12, 2017 | 10:00 am    0   239

පේරාදෙණියේ නවක සිසුන්ගේ නිරුවත බැලු පස් දෙනා 24 තෙක් රිමාන්ඩ්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ නවක සිසුන් අට දෙනකු විශ්ව විද්‍යාලයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස් ඔවුන් නිරුවත් කර අමානුෂික ලෙස නවක වදය ලබාදුන් බව කියන සිද්ධියේ සැකකාර සිසුන් 15 දෙනා මෙම මස 24 දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක මහතා ඊයේ (11) නියම කළේය.
මෙම සිසුන් පසුගිය පෙබරවාරී මස 20 දින සිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර ඔවුන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම් අවස්ථා හතරකදී ප්‍රතික්ෂේපවී තිබිණි.
සිසුන් සඳහා ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහතුන් ඊයේ(11) දිනද ඉල්ලීම් කළ නමුත් මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.
සැකකාර සිසුන් විසින් මාසයකට රුපියල් 10000.00 ක කුළියක් ගෙවා මාස තුනක කාලයක් සඳහා විශ්ව විද්‍යාලයේ සිට කිලෝ මීටර 4 ක පමණ දුරින් දොළුව මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ නිවසක් මිලට ගෙන කෘෂි පීඨයේ නවක සිසුන් 08 දෙනකු එම ස්ථානයට රැගෙන ගොස් ඉකුත් පෙබරවාරී මස 19 දා රාත්‍රීයේ අමානුෂික ලෙස නවක වදය ලබා දෙමින් සිටියදී විශ්ව විද්‍යාලයේ ප්‍රධාන විනය පාලක ආචාර්ය ගාමිණී හිටිනායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ඔවුන් අල්ලාගෙන පොලීසියට බාරදී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: