පේරාදෙණිය සරසවිය හෙට (18) යළි ඇරේ

April 17, 2017 | 7:00 am    0   128

පේරාදෙණිය සරසවිය හෙට (18) යළි ඇරේ

දින නියමයක් නොමැතිව වසා දැමු පේරාදෙණිය විශ්වවිද්‍යාලය හෙට (18) වැනි දා නැවත අධ්‍යනය කටයුතු සදහා විවෘත වන බව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බි දිසානායක මහතා පවසයි.
H1N1 වසංගත උණ රෝගයක් හේතුවෙන් පසුගිය 4 වැනි දා සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසාදැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබුණි.
වසා දැමු පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රේල් 18 වැනි දා නැවත අධ්‍යනය කටයුතු සදහා විවෘත වන බැවින් අද(17) සියලුම සිසුන් නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු බවත් හෙට දින සිට සුපුරුදු අන්දමින් පෙරකාල සටහනට අනුව අධ්‍යනය කටයුතු සිදුකරන බවත් හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: