පොඩි මිනිස්සුන්ගේ ලොකු වැඩ

February 20, 2017 | 1:23 pm    0   373

පොඩි මිනිස්සුන්ගේ ලොකු වැඩ

අප කවුරුත් ක්‍රීඩා නැරඹීමට ඉතා ප්‍රියයි. අද වන විට ක්‍රීඩාව තාක්ෂණයෙන් පිරිපුන් නවමු විෂයක් වී හමාරයි. ජාත්‍යන්තර රූපවාහනී විකාශයක ක්‍රිකට් තරගයක් , පාපන්දු තරගයක් එහෙමත් නැතිනම් රග්බි හෝ මෝටර් රථ තරගයක් සජීවීව නරඹන විට අපට දැනෙන උද්යෝගය වචනයෙන් කීමට අවශ්‍ය නැහැ. එම උද්යෝගය තවදුරටත් තීව්‍රර වන්නේ තරගයේ ලකුණු හෝ විස්තර රූපවාහනී තිරය මත දර්ශණය වන විටයි. මෙම ක්‍රියාවලිය Live Motion Graphics System කියා අපි හඳුන්වනවා. Ten Sports , STAR Sporst, Espn වැනි ජාත්‍යන්තර තරග නරඹන විට අපට එවැනි Graphics රූප ‍බොහෝ මුණ ගැහෙනවා. එම ක්‍රීඩා විකාශ වලදී අතුරු මුහුණතක් මගින් එවැනි තොරතුරු තිරය මත යාවත්කාලීන කිරීමට තත්වයෙන් ඉතා උසස් පරිගණක හා විශේෂිත පුහුණුවක් ලද ශිල්පීන් යොදාගනු ලබනවා.

මෙහි සිටින්නේ එවැනි අධිතාක්ශණික උපකරණ කිසිවක් නොමැතිව ජාතික රූපවාහිනී ක්‍රීඩා සජීව නිෂ්පාදන වලට Live Motion Graphics System සකසන චරිත් ලේකම්වත්තගේ සහෘදයායි. ජාත්‍යන්තර තරගයක තත්වයට නොදෙවෙනි වන සේ තම පද්ධතිය යාවත්කාලින කරන චරිත් ජාතික රූපවාහිනියට මහගු සම්පතකි. එනමුදු රූපවාහිනිය තවමත් මෙවැනි ශිල්පීන්ගෙන් උපරිමය රැගෙන ඇත්තේ දැයි අපට ඉතා සැක සහිතය. කුඩා පරිගණකයකින් පරිගණක ක්‍රමලේඛ සකසමින් නියමිත තත්ව සම්පිණ්ඩනය කරමින් ඕනෑම සජීවී ක්‍රීඩා විකාශයකය Live Motion Graphics පද්ධතියක් සකස් කිරීමේ හැකියාව මොහුට ඇත. රූපයේ දැක්වෙන්නේ ඔහු Gamini Disanayake Throphy නම් වූ ජාතික රූපවාහිනිය ආවරණය කල 19 න් පහළ ජාත්‍යාන්තර ක්‍රිකට් තරගය වෙනුවෙන් නිම කල Graphics පද්ධතියයි. චරිත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
සටහන – හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: