පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී චතුරංග ලක්මාල්ට රිදී පදක්කමක්

පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී බර ඉසිලීමේ අංශයෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට චතුරංග ලක්මාල් අද (05) උදෑසන සමත් විය.

ඒ අනුව චතුරංග ලක්මාල් ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රැම් 117ක් ඔසවමින් කිලෝග්‍රෑම් 56 බර පන්තියේ රිදී පදක්කම දිනාගැනීමට සමත් විය. මෙය නව ශ්‍රි ලංකා වාර්තාවක් බවටද පත්ව ඇත.

මෙම තරගාවලිය ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී පැවැත්වෙන අතර, එම තරගාවලිය ඊයේ (04) ආරම්භ විය.

සුදේශ් පීරිස් ද කිලෝ ග්‍රෑම් 62 බර පන්තියෙන් අද(05) තරග බිමට පිවිසීමට නියමිත බවද වාර්තා වේ.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − 3 =