පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි ඉවත් වේ…..

June 23, 2017 | 5:17 pm    0   191

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි ඉවත් වේ…..

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා අද (23) එම ධුරයෙන් ඉවත්වී ඇත. පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි ඒ මහතා මෙසේ සිය ධුරයෙන් ඉවත්වී ඇති බව වාර්තා වේ.

ජයකොඩි මහතා කලක සිට තරමක අසනීප තත්වයෙන් පසුවූ අතර, එයද මෙවන් තීරණයක් ගැනීමට හේතුවී ඇති බව ද සඳහන්ය.

ඒ අනුව ඒ මහතාගෙන් හිස්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: