පොලී අනුපාත පාලනය රටේ ආර්ථිකයට අහිතකරයි

April 27, 2017 | 2:00 pm    0   217

පොලී අනුපාත පාලනය රටේ ආර්ථිකයට අහිතකරයි

කෘත්‍රිමව දීර්ඝකාලීනව පොලී අනුපාත පාලනය කිරීම රටේ ආර්ථිකයට අහිතකර තත්ත්වයක් ඇති කරවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය ඩබ්ලිව්. විජේවර්ධන මහතා බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් ඊයේ (26) පැවසීය.
ඊට හොඳම උදාහරණය වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වසර 2013 අයවැයෙන් රුපියලේ අගය අවප්‍රමාණය කිරීම බවත් පැවසූ ආචාර්ය විජේවර්ධන මහතා ශ්‍රීලංකා මහබැංකුව පවා එය දැනගත්තේ අයවැයෙන් ප්‍රකාශයට පත්වුණ පසුව බව පැවසීය.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ෂහීඩා බාරි මහත්මියගේ විමසීම් හමුවේ සාක්ෂිකරු මේ බව පැවසීය.
ආචාර්ය විජේවර්ධන මහතාගෙන් තවදුරටත් සාක්ෂි විමසීම නැවත අද(27) උදේ බැඳුම්කර කොමිසම ඉදිරියේදී සිදුවිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: