පෝරකයට යන්නට පෙර උපාධිය ලබා ගනී

January 5, 2017 | 10:48 am    0   620

පෝරකයට යන්නට පෙර උපාධිය ලබා ගනී

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට මරණීය දණ්ඩනය නියමවී බන්ධනාගාර ගතවූ පුද්ගලයෙකු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන තිබේ

එසේ උපාධිය ලබාගෙන ඇත්තේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන බී.ඒ. ලක්මිණ ඉන්දික බමුණුසිංහ නමැති අයෙකි. ඔහුට මරණ දණ්ඩනය හිමිව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ඇත්තේ මොහොමඩ් ෂියාම් ඝාතන නඩුව සම්බන්ධයෙනි.

මරණීය දණ්ඩනයට ලක්වන විට ඔහු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ශාස්ත්‍රවේදී උපාධියේ පළමු වසර අවසන් කර තිබු බවත් එම උපාධියේ දෙවන සහ තෙවන වසර දේශනා සඳහා සහභාගී වීමට වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශෘන් ධනසිංහ යන මහත්වරුන්ගෙන් කරන ලද ලිඛිත ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් එම දේශන සදහා සහභාගි වූ ඔහු උපාධිය හිමිකරගෙන ඇතිබවත් එම උපාධි ප්‍රදානෝත්සවය අද (05) දින පෙ.ව. 8 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ බවත් උපාධිය හිමි ඉන්දික බමුණුසිංහ එම උපාධි උත්සවයට සහභාගී කරවූ බවත් ඒකනායක මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: