බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බ කතාවට මුල පෙම් හබයක්

December 28, 2016 | 8:51 am    0   670

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බ කතාවට මුල පෙම් හබයක්

පසුගිය 26 වනදා රාත්‍රියේ බදුල්ල බලා ධාවනය වීමට සූදානම්ව තිබුනු රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශය (119) ට ඇමතුමක් ලබාදී තිබෙන්නේ තරුණියක් විසිනි. මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ සිය පෙම්වතා වෙනත් තරුණියක සමඟ විවාහවීමට සූදානම්ව අදාළ දුම්රියෙන් ගමට යන බවට ලැබුණු තොරතුරක් නිසා එම තරුණයාගේ පෙම්වතිය මෙසේ ඇමතුමක් ලබාදුන් බවයි.
ඇගේ අරමුණ වී ඇත්තේ තරුණයාගේ ගමන වැලැක්වීම බවත් අනාවරණය වී තිබෙනවා.

පැය දෙකක පමණ ප්‍රමාදයකින් පසුව යලි දුම්රිය ධාවනය කෙරුණු අතර මේ නිසා දුම්රිය මගීන් පත්වුණේ දැඩි අසීරුතාවකටයි.

මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: