බදු සංශෝධන පනත් කෙටුපත අද පාර්ලිමේන්තුවට

September 7, 2017 | 1:40 pm    0   164

බදු සංශෝධන පනත් කෙටුපත අද පාර්ලිමේන්තුවට

පවතින බදු ක්‍රමය ක‍්‍රමය සංශෝධනය කෙරෙන නව දේශීය ආදායම් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (07) විවාදයට ගැනීමට නියමිතය.

මෙමඟින් ජනතාව මත පැටවෙන පීඩනය අවම වන පරිදි බදු ආදායම වැඩි කරගැනීමට අදහස් කරන බව ආණ්ඩුව පවසයි.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්‍ෂය පවසන්නේ මෙම පනත් කෙටුම්පතෙන් ජනතාව මත දරාගත නොහැකි පීඩනයක් ඇති කරන බවයි.

අද පැවැත්වෙන විවාදයේදී මෙම කෙටුම්පතට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරන බවද ආණ්ඩුව ඒවාට එකග නොවුනහොත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශකරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පැවසිය. කෙසේ වෙතත් සිය පක්ෂයේ සංශෝධන ද අද ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියාසිටියේ තුනෙන් දෙකකට ආසන්න බහුතරයකින් නව දේශීය ආදායම් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: