බන්දුම්කරේ සයිටම් ඇතුළු වංචා රැසකට වගකිවයුතු අය තාමත් ඉන්නේ අරලියගහ මන්දිරේ – වසන්ත සමරසිංහ

September 14, 2017 | 12:26 pm    0   166

බන්දුම්කරේ සයිටම් ඇතුළු වංචා රැසකට වගකිවයුතු අය තාමත් ඉන්නේ අරලියගහ මන්දිරේ – වසන්ත සමරසිංහ
වත්මන් රජයට මුදල් නොමැති නිසා රාජ්‍ය දේපල විකිණිමට සුදානමක් පවතින බවත් එය ආරම්භ වුයේ හම්බන්තොට වරායෙන් බවත් දුෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ පවසයි.
බැඳුම්කර වංචාව, සයිටම් අර්බුදය, ඇතුළු ගැටළු රැසකට වගකිවයුතු අය බහුතරයක් සිටින්නේ අරලියගහ මන්දිරයේ බවද ඔහු පෙන්වා දේ.
ජනාධිපතිවරයා, අගමැතිවරයා මේ පිලිබන්දව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දේ.
 සයිටම් මුදලාලිගේ රෝහලට අාදායම් නැතිව ණය ගෙවාගන්න බැරිව සින්න වෙන්න ගිය බවත් ඉන්පසු නෙවිල් ප්‍රනාන්දුගේ වංචාවට අහුවුණු රනිල්-මෛත්‍රී ආණ්ඩුවට මේ වෙත්දී වසරකට මිලියන 300 ගණනේ වසර 10ක බදු කුලියක් නෙවිල් ප්‍රනාන්දුට ගෙවන්න ඒකඟ වී ඇති බව සමරසිංහ මහතා පවසයි.
තවද සාමාන්‍යයෙන් වයස අවුරුදු 60 වැඩි අයෙකු බැංකුවක ඇපකරුවෙකු වශයෙන් භාර නොගන්න නමුත් වයස අවුරුදු 70 වන නෙවිල් ප්‍රානාන්දුත් ඇපකරුවෙකු වශයෙන් අත්සන් කර ඇති බවද, බැංකු එලෙස අවස්ථාවක්  ලබාදුන්නේ කුමන පදනමක සිටද යන්න ඔහු රජයෙන් විමසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: