“බන්දු, ටෙනිසන්, විජය නන්දසිරිට වඩා එහා ගිය ජාත්‍යන්තර මට්ටමේ කලාකරුවෙක් වෙන්න තමයි මගේ උත්සාහය” – මයික් (දෙනුවන් සේනාධි)

July 17, 2017 | 2:36 pm    0   840

“බන්දු, ටෙනිසන්, විජය නන්දසිරිට වඩා එහා ගිය ජාත්‍යන්තර මට්ටමේ කලාකරුවෙක් වෙන්න තමයි මගේ උත්සාහය” – මයික් (දෙනුවන් සේනාධි)

Chat with Denuwan

දෙනුවන් සේනාධි කියන්නේ මෙරට තාරුණ්‍ය ආදරය දිනාගත් නව පරපුරේ රංගන ශිල්පියෙක්. හැබැයි එහෙම කීවට ගොඩක් අයට ඒ නම මතක නැතුව ඇති. මම මෙහෙම කියන්නම්කො. අපි මෙවර අපේ කතාබහට එකතුකරගත්තේ “දෙවැනි ඉනිමේ මයික්” අන්න එහෙම කීවාම දන්නවා නේද අපේ කතානායකයා කවුද කියල?

මේ මයික් ඉරිදා ඇපල් එක්ක එකතුවුණු සොඳුරු මොහොත..

දෙවැනි ඉනිමේ මයික් නිසා ගොඩක් ජනප්‍රියයි නේද?

ඔව් අනිවාර්යෙන්ම

දෙනුවන්ගෙ පාසල් ජීවිතයේදීත් ඇත්තටම මයික් වගේ චරිතයක්ද?

ඔව්. ටෙලි නාට්‍යයේ වගේම නොවුනත් ඊට සමානව, ඒ කියන්නේ යාළුවන්ට බොහොම මිත්‍රශීලීව කාලය ගත කළා.

රංගනයට එකතුවෙන්නේ කොයි කාලේද?

අවුරුදු 10කට විතර කලින්

රංගනයට එකතු නොවුනා නම් දෙනුවන් අද ඉන්නේ කොතනද?

මම පොඩිකාලේ ඉඳන්ම කැමති වුනේ Television subject එකට. මුලින්ම Production assitant කෙනෙක් විදියට පුද්ගලික නාලිකාවක වැඩ කලේ. ඒ අයතනේදී මහේෂ් රත්සර මද්දුම ආරච්චි කියන පිටපත් රචකයාව මුණගැහෙනවා. ඊට පස්සේ එය තීරණය කරනවා මම වඩාත් සුදුසු නිෂ්පාදන කටයුතු වලට නෙවෙයි රංගනයට කියලා. එය මාව මුලින්ම “කිං හන්තර්” සිනමාපටයට හඳුන්වාදෙනවා. ඊට පස්සේ ඔහුම පිටපත ලියු “නිල් නෙතු” ටෙලි නාට්‍යට සම්බන්ධ වෙනවා. 2011 වසරේදී “සුළඟ” ටෙලි නාට්‍යට සම්බන්ධ වෙනවා. එහෙම තමයි රංගනය එන්නේ.

“දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යට සම්බන්ධ වෙන්නේ කොහොමද?

දෙරණේ දිල්ෂාන් අමරසිංහ නිෂ්පාදකවරයාගෙන් මට ආරාධනාවක් ලැබෙනවා දෙරණේ රියැලිටි වැඩසටහනක නිවේදනය කරන්න. ලක්සිරි වික්‍රමගේ, ෂර්මිලා ධර්මරාසා කියන අපේ වැඩසටහන් අධ්‍යක්ෂිකාව හා දිල්ෂාන් තමයි මාව ඒකට යෝජනා කරන්නේ. ඒ කාලෙදිම තමයි මට සාරංග මෙන්ඩිස් හමුවෙන්නේ. ඔහු කිවා සුපිරි වැඩක් කරන්න ඉන්නවා, මේක Hit වෙන්නම කරන වැඩක් කියලා. “සිඳු” කරපු සමන් එදිරිමුණි තමයි මේකත් ලියන්නේ කිවා. එකේ “මයික්” කියන චරිතේ ඔයා කරන්න එක පාසල් චරිතයක් කිවා. ඒ විදියට තමයි මට මයික් චරිතය ලැබෙන්නේ.

හාස්‍යයෙන් ඔබ්බට ගිය චරිතයක් රඟපාන කැමති නැත්ද?

එහෙම අරමුණක් නෑ මට.

හිතෙන්නේ නැත්ද හාස්‍ය මුසු චරිත වලටම කොටු වෙලා කියලා?

ඔව් අපි නොදැනුවත්වම කොටුවෙලා තමයි. මෙහෙමයි. අපෙන් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙච්ච චරිතයක් තියනවා. ඒ චරිතෙන් පිට ගිහින් දෙයක් කරන්න ගිහින් දෙයක් අසාර්ථක වුනොත් ප්‍රේක්ෂකයාට අපි ගැන තියන විස්වාසය බිඳෙනවා. ඒ හින්දා මම කොටු වෙලා ඉන්න රාමුව තුල පරිණතභාවයක් ඇතිකර ගන්න ඕනි සහ ශක්තිමත් කරගන්න ඕනි කියල තමයි විශ්වාස කරන්නේ.

හාස්‍ය රංගනයේ ප්‍රවීණයෝ විදියට බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, විජය නන්දසිරි වගේ අය හඳුන්වන්න පුළුවන්. ඔබේ උත්සාහයත් ඒ තත්වෙට එන්නද?

නෑ. ඊට එහා ගිය චරිතයක් වෙන්න තමයි තමයි try කරන්නේ. ඒ කලාකරුවන් ලංකාවේ උපරිම හොඳට රඟපෑවා. මගේ බලාපොරොත්තුව ඊට එහා ගිය කෙනෙක් වෙන්න. ජාත්‍යන්තර මට්ටමේ කෙනෙක් වෙන්න තමයි උත්සහ කරන්නේ.

සිනමා කටයුතු එහෙම කොහොමද මේ  දවස්වල?

සිනමාව පැත්තෙන් අලුත් වැඩ ටිකකට ආරාධනා ලැබුණා. තව එන්නත් තියනවා “යම රජ සිරි” කියල විකට සිනමාපටයක්. එකේ ප්‍රධාන චරිතය කරන්නේ බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ. ළඟදීම තිරගත වෙයි ඒකත්.

දෙනුවන් සැබෑ ජීවිතයේ කොහොම කෙනෙක්ද?

සරල, සාමාන්‍ය විදියට ජිවත් වෙන් කෙනෙක්. මම විවාහකයි. බිරිඳ, අම්ම, තාත්තා හා සහෝදරියක් ඉන්නවා. සහෝදරියත් විවාහකයි. එයාලත් එක්ක සරල සාමානය ජිවිතයක් ගතකරනවා.

රංගනයට බිරිඳගෙන් ලැබෙන සහෝයෝගය කෙබඳුද?

100% ක සහයක් ලැබෙනවා බිරිඳගෙන්. පෙම්වතිය වෙලා ඉන්න කලේ ඉඳන්ම මේ සහයෝගය ලැබෙනවා මට. ඒ හින්දම තමයි මගේ අනාගත සහකාරිය කරගන්න හිතුවෙත්.

ඉදිරියේදී ඔබව දකින්න ලැබෙන නව නිර්මාණ මොනවද?

නෑ මම ගොඩක් වැඩ භාරගන්නේ නැහැ.කරන දේට අවංක වෙන්න එපැයි. ඒ නිසා මේ දවස්වල දෙවැනි ඉනිමට අවංක වෙලා වැඩ කරානවා.

ඔබ ආදරය කරන කලාකරුවන්ගේ නවතම තොරතුරුත් එක්ක සොඳුරු කතාබහකට ඔබත් එකතු වෙන්න sundayapple.lk එක්ක

හෂාන් අනුරාධ 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: