බලංගොඩ මානවයාගේ දරුවන්ගේ දත් හමුවෙයි

March 20, 2017 | 4:00 pm    0   352

බලංගොඩ මානවයාගේ දරුවන්ගේ දත් හමුවෙයි

බළන්ගොඩට ආසන්න පනාන මැද්දෙකන්ද ප්‍රදේශයේ අළු ගල්ලෙනෙහි ජීවත්වූ මානවයන්ගේ දරුවන්ගේ යැයි සැලකෙන දත් කිහිපයක් ඉකුත් 16 වනදා හමුවී ඇත.

මේ දිනවල බළන්ගොඩට නොදුරු පනාන අළුගල්ලෙනෙහි කැණීම් වලින් හමුවූ පුරා වස්තු පිළිබඳව අදහස් දක්වන කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් පුරාවිද්‍යා අංශ ප්‍රධානී ජේ‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මේ බව සඳහන් කලා.

බලංගොඩ මානවයාගේ දරුවන්ගේ දත් හමුවෙයි

මහාචාර්යවරයා ඇතුළු කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් දසදෙනෙක් මේ කැණීම් කටයුතුවල නිරත වවනවා. මෙරට දන්ත විශේෂඥ වෛද්‍යවරු එම ස්ථානයට පැමිණ පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඒවා නියත වශයෙන්ම වයස අවුරුදු එකහමාරේ සිට වයස අවුරුදු ‍දොළහ දක්වා දරුවන්ගේ දත් බව තහවුරු කළ බව සඳහන්.

ගල්ලෙනෙහි ජීවත්වූ දඩයක්කාර මානව ප්‍රජාව ඉතා උසස් බුද්ධි මට්ටමක සිටි බවට හමුවන පුරා වස්තුවලින් සනාථ වන බවත් ගල්ලෙනේ පුලුස්සන ලද මැටිබෝල, මැටිවලින් යම්කිසි නිර්මාණ සකස් කිරීමට ගත් උත්සාහයන් තිබෙන බවත් එම නිර්මාණ සුදු පැහැයෙන් වර්ණ ගන්වා ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කලා.

මෙම ගල්ලෙනෙන් හමු වූ පුරා වස්තු වසර පන්දහස් පන්සියයකට වඩා වැඩි බව තහවුරු වීතිබෙන අතර මේ හමුවී ඇති මිනිස් දත් චාරුක හා පුරශ්චාර්වක දත් බවට දන්ත විශේෂඥන් හඳුනාගත් බවත් ඒවා දරුවන් හතර දෙනකුට අයත් ඒවා බව තහවුරු වී තිබූ බවත් මහාචාර්යවරයා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: