බස්නාහිර පාලු ඉඩම් වලට නව බද්දක්

July 11, 2017 | 11:35 am    0   75

බස්නාහිර පාලු ඉඩම් වලට නව බද්දක්

ප්‍රයෝජනයට නොගෙන පාලුවට හැර දමා ඇති බස්නාහිර පළාතේ පලු ඉඩම් වලින් නව බද්දක් හෝ දඩයක් අයකිරීමට කටයුතු කරන බව බස්නාහිර මහා ඇමති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (10) පැවසිය.

ඒ අනුව එවැනි ඉඩම් වල වටිනාකමින් 2%ක බද්ද්දක් හෝ දඩයක් එම ඉඩම් වල හිමිකරුවන්ගෙන් අයකරගැනීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

ඒ මහතා මෙලෙස අදහස් දැක්වුයේ බස්නාහිර පළාත් පාලන අමාත්‍යංශයට අයත් ගැටළු විසඳීම සඳහා මහරගම නගර සභාවේ මහජන දිනයක් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

ඇතැමුන් පාලු ඉඩම් වලට කුණු කසල බැහැර කිරීමට පුරුදු වී සිටින බවත්, එය ඩෙංගු මදුරුවන් බෝවීමට ප්‍රධානතම හේතුවක් බවත් සඳහන් කල ඒ මහතා ඒ නිසාවෙන් මෙම නව ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කල බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: