බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත් වලට අදත් මහා වැසි.. උතුරටත් වහින ලකුණු ..

June 7, 2017 | 12:30 pm    0   138

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත් වලට අදත් මහා වැසි.. උතුරටත් වහින ලකුණු ..

By Editor

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත් වලට අද (07) ගිගුරුම් සහිත වැසි අද හැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහතා පවසයි.

පසුගිය දින ගණනාවකදී එක දිගට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා ගංවතුර තත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇතිවූ අතර, ඉන් පුද්ගලයින් රැසක් මරණයට පත්වූ අතර, නිවාස සහ දේපල රැසකට අලාභ හානි සිදුවිය. එනමුත් පසුගිය දින කිහිපයේදී එම වැසි සහිත තත්වයේ යම් අඩුවීමක් දක්නට ලැබුණි.

රටේ බොහෝ ප්‍රදේශ වල ජනයා ගංවතුරෙන් පිඩාවට පත්වෙත්දී උතුරු පළාතේ ජනතාව නියගයෙන් පිඩා විදින ලදී. එනමුත් උතුරු ප්‍රදේශයේ නියගයට තිත තබමින් අද දිනයේ එම ප්‍රදේශ වලටද වැසි ඇතිවිය හැකි බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

තවද රත්නපුර,කෑගල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලට පනවා තිබු නායයාමේ අනතුරු නිවේදනය අද (07) දහවල් වනතුරු ක්‍රියාත්මක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: