බ්ලොග් ලේඛක රෂීඩ් ඝාතනය කරයි

April 25, 2017 | 4:00 pm    0   263

බ්ලොග් ලේඛක රෂීඩ් ඝාතනය කරයි

මාලදිවයිනේ ‘ද ඩේලි පැනික්’ වෙබ් අඩවිය පවත්වා ගෙන ගිය ප්‍රමුඛ පෙළේ බ්ලොග් ලේඛක යමීන් රෂීඩ් ඝාතනය කර තිබේ.

සිය නිවස පිටුපස තරප්පු පෙළක් මත මරා දමා තිබූ ඔහුගේ සිරුරේ පිහි ඇනුම් දහසයක් දක්නට ලැබුණු බව ඔහුගේ පියා පැවසීය.

වාර්තා වන අන්දමට යමින් රෂීඩ්, 2014 වසරේදී අතුරුදන් වූ මාලදිවයින් මාධ්‍යවේදියකුගේ සමීපතමයකු ද වේ.

මෙම ඝාතනය දැඩි සේ හෙළා දකින බව මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

ඝාතනයට ලක් වූ ලේඛකයා මානව හිමිකම් සහ භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි වීරයෙකු බව මාලදිවයිනේ සිටින එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය තානාපතිවරු ප්‍රකාශ කළහ.

වත්මන් ජනාධිපතිවරයාගේ වසර තුනහමාරක් වූ පාලන කාලය තුළ සිය විරුද්ධවාදීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර ඇතැමුන් රටින් පලා ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: