බාල වයස්කාර තරුණියක් අඹුකමට ගත් තරුණයෙකු අත්අඩංගුවට

September 5, 2017 | 2:32 pm    0   179

බාල වයස්කාර තරුණියක් අඹුකමට ගත් තරුණයෙකු අත්අඩංගුවට

වයස අවුරුදු 14ක් වන බාල වයස්කාර දැරියක් සමඟ අඹු සැමියන් ලෙස ජිවත් වූ වයස අවුරුදු 25ක තරුණයෙකු මාතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 14ක දැරියක් ගම්පහ මහනුගහෙන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක් තරුණයෙකු සමඟ අඹු සැමියන් ලෙස ජිවත්වන බවට ලැබුණු තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මොවුන් දෙදෙනා අතර කලක සිට පෙම් සම්බන්ධතාවයක් පැවතී අතර, පසුව ඇයට වයස අවුරුදු 13 මාස 9 දී තරුණයා විසින් එම දැරිය නිත්‍යානුකුල භාරකාරිත්වයෙන් මුදවාගෙන රැගෙන ගොස් ඇත.

දෙපාර්ශවයේම අනු දැනුම මත මොවුන් දෙදෙනා කලක සිට මෙලෙස අඹු සැමියන් ලෙස දිවි ගෙවා ඇති බවද වාර්තා වේ.

මේ පිළිබඳව ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි උපකාරක සේවය වන 1929ට ලැබුණු පැමිණිලි කිහිපයක් මත මෙම විමර්ශන මෙහෙයවා ඇති බවද සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: