“බැඳුම්කර ගනුදෙනුවේ දුෂණ ගැන ලිඛිත සාක්ෂි දෙන්න සුදානම්” – මහා බැංකුවේ හිටපු ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂ

July 13, 2017 | 7:08 am    0   159

“බැඳුම්කර ගනුදෙනුවේ දුෂණ ගැන ලිඛිත සාක්ෂි දෙන්න සුදානම්” – මහා බැංකුවේ හිටපු ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂ

ශ්‍රී ලංකා මහා බැංකුවේ සිදුවුවා යැයි සැලකෙන බැඳුම්කර වංචාවේදී සිදුවූ සියලු දුෂණ සහ වංචා ලිඛිත සාක්ෂි සහිතව හෙළිකිරීමට තමා සුදානම් බව මහා බැංකුවේ හිටපු ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂ සමන් කුමාර මහතා ඊයේ (12) බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළේය.

මහා බැංකුවේ හිටපු ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂවරයා සාක්ෂි ලබාදීමට සාක්ෂි කුඩුවට පැමිණි වහාම විශේෂ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා සිටියද ඊට අවස්ථාවක් නොලැබිණි.

බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූ පොලී අනුපාත වෙනස්කිරීම ඇතුළු සියලු වංචා ලිඛිත සාක්ෂි සහිතව හෙළි කිරීමට තමන් සුදානම් බවත්, කෝප් කමිටුව හමුවේ ඒවා හෙළිකිරීමට ශ්‍රී ලංකා මහා බැංකුවේ සහකාර අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා තමන්ට ඉඩ ලබා නොදුන් බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නිතීඥ දප්පුලද ලිවේර මහතාගෙන් සමන්විත ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සාක්ෂි විභාගය සිදු කෙරිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: