බිග් මැච් කොහොමද?

March 14, 2017 | 4:00 pm    0   698

බිග් මැච් කොහොමද?

මේ දවස්වල ලංකාවේ ප්‍රධාන පෙළේ පාසල් Big Match පවත්වනවා.
මේ අතරින් පැරණිතම මහා ක්‍රිකට් තරගය ලෙස කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් තරගය කැපී පෙනෙයි. මෙය ලංකාවේ පාසල් අතර පැවැත්වෙන තුන්දින අවසාන මහා තරගවලින් එකක් ලෙසද හැඳින්විය හැක.

මීට අමතරව කාගේත් අවධානය දිනාගන්නා තරගය ආනන්ද නාලන්ද මහා ක්‍රිකට් තරගයයි. රිච්මන්ඩ් මහින්ද තරගයටද දීර්ඝ ඉතිහාසයක් ඇත.
රුහුණු මහා සටන ලෙස හඳුන්වන මාතර ශාන්ත තෝමස්, මාතර ශාන්ත සර්වේශස් තරගයද විශේෂ අවධානයකි. ත්‍රිත්ව සහ ශාන්ත අන්තෝනි තරගය කන්ද උඩරට නිල්සටන ලෙස 1914දී සිටම පැවත එන තවත් තරගයකි.

යාපනයේ රන් සටනට තරග වදින්නේ යාපනය විද්‍යාලය සහ ශාන්ත පැටි්‍රක් විද්‍යාලයයි. මොරටු රන් සටන ලෙස හඳුන්වන ශාන්ත සෙබස්තියන්, වේල්ස් කුමාර තරගය 67 වන වතාවටත් මේ වසරේදී පැවැත් වීමට නියමිතය ඇත.

සාන්තුවරුන්ගේ සටන සඳහා ශාන්ත පීතර සහ ශාන්ත ජෝසප් තරග වදින නමුත් මේ දක්වා පැවති අවසාන මහා තරගවල අපිට දක්නට ලැබුණේ ඇල්මැරුණු ස්වභාවයකි. මේ දක්වා කණ්ඩායම් ජයග්‍රහණයට වඩා විසඳුමකින් තොරව තරග වැදීම වැඩි වශයෙන් දක්නට ලැබෙන්නකි.

එහෙත් big match සඳහා තිබෙන ප්‍රේක්ෂක ආකර්ෂණය නම් අඩුවී නැත. විශේෂයෙන් ආදි ශිෂ්‍යයෝ බොහෝ දෙනෙකු මහා ක්‍රිකට් තරග නැරඹීමට එකතුවීම විශේෂ සිදුවීමකි.
මෙවර විශාඛා විද්‍යාලය සහ මියුසියස් විද්‍යාලය කාන්තා මහා ක්‍රිකට් තරගයකට මුල් පියවර තබන ලදි. පන්දුවාර 20-20 තරගයකින් ආරම්භ කළ පළමු තරගයේ ජය විශාඛා විද්‍යාලය සතුවිය.

ඇල්මැරුණු තරග රටාවෙන් මිදී මහා ක්‍රිකට් තරග රටාව වෙනස් කිරීමට කාලය එළඹ ඇති අතර එසේ වුවහොත් ඡඪඨ ථචබජඩ සඳහා තව තවත් ප්‍රේක්ෂක ආකර්ශනය වැඩිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: