බිරිඳ ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා කැනඩාවේ පිටුවහලකු වෙයි

April 12, 2017 | 5:00 pm    0   294

බිරිඳ ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා කැනඩාවේ පිටුවහලකු වෙයි

සිය බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ශ්‍රී ලාංකිකයෙකු රටින් පිටුවහල් කිරීමට කැනේඩියානු අධිකරණයක් තීරණය කර තිබේ.

සිවලෝගනාදන් තනබාලසිංහම් නැමැති ශ්‍රී ලාංකිකයා විසින් මෙලෙස සිය බිරිඳ ඝාතනය කරනු ලැබ තිබෙන අතර ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කැනේඩියානු ආගමන හා සරණාගත මණ්ඩලය පියවර ගෙන තිබිණි.

කෙසේ වුවද නියමිත කාලසීමාව ඇතුළත නඩු පැවරීමට සහ ඒ සම්බන්ධයෙන් විභාග කිරීමට අපොහොසත්වීම හේතුවෙන් එම නඩුව ඉවත් කොට අදාළ පුද්ගලයා රටින් පිටුවහල් කිරීමට එම අධිකරණය තීරණය කළ බව වාර්තා වෙයි.

සිවලෝගනාදන් තනබාලසිංහම් නැමැත්තාගේ බිරිය වන අනුජා බාස්කරන් නැමැති 21 හැවිරිදි කාන්තාව පසුගිය 2012 වසරේ දී ඝාතනයට ලක්ව තිබෙන අතර ඇය දෙවැනි උපාධියක් හදාරමින් සිටි බවද එම වාර්තා පෙන්වා දෙයි.

මිනිස් ඝාතනයක් සිදු කර තිබෙන මේ ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් වන නඩුව කැනඩාවේ මොන්ට්‍රියල් අධිකරණයේ පවරා තිබෙන අතර විභාගය ආරම්භ කිරීමට ප්‍රමාදවීම හේතුවෙන් රටින් පිටුවහල් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: