බොදු බල සේනාවේ දෙදෙනෙක් අත්අඩංගුවට

June 15, 2017 | 4:33 pm    0   187

බොදු බල සේනාවේ දෙදෙනෙක් අත්අඩංගුවට

කුරුණෑගල මල්ලවපිටිය දේවස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලබයි සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

අදාළ සිදුවීම පිළිබඳව දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුරටත් අනාවරණය වන්නේ මොවුන් දෙදෙනා බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු බවයි. මෙම දෙදෙනාට අමතරව තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම සිදුවීමට අදාළ CCTV දර්ශන පොලිසියට ලැබී ඇති අතර ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් 19 දින දක්වා රක්ෂිත බන්ධනාගරගත කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: