බෝට්ටු පැද්ද උසස් පෙළ සිසුන් 5ක් මරුට, අයෙක් අතුරුදහන්

August 28, 2017 | 4:21 pm    0   664

බෝට්ටු පැද්ද උසස් පෙළ සිසුන් 5ක් මරුට, අයෙක් අතුරුදහන්

යාපනය – මණ්ඩතිව් මුහුදු තිරයට ඔබ්බෙන් වූ මුහුදේ බෝට්ටු පැදීමට ගිය උසස්පෙළ සිසුන් 5 දෙනෙක් දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති අතර, තවත් සිසුවෙක් අතුරුදහන් වී ඇත.

යාපනයේ පාසල් කිහිපයක සිසුන් 7 දෙනෙකු අද (28) උසස්පෙළ විභාගය අවසන්වීමෙන් පසු මුදුදේ බෝට්ටු පැදීමට ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇති අතර, ඔවුන් අතරින් එක් සිසුවෙක් පමණක් දිවි බේරාගැනීමට සමත්වී ඇත.

එම සිසුන්ගේ මළ සිරුරු මේ වනවිට යාපනය මහා රෝහලේ තැන්පත් කර ඇත.

අතුරුදහන් වූ සිසුවාගේ උපන් දිනය දිනය සැමරීමට මෙම සිසු පිරිස දුපතකට යෑමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවට වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: