බෝම්බ රජු ලොවේ රජු !!

March 29, 2017 | 9:00 am    0   375

බෝම්බ රජු ලොවේ රජු !!

මෙහි දැක්වෙන්නේ ලොව බලවත්ම විනාශයක් සිදු කල හැකි බෝම්බයයි. Tsar නමින් හැදින්වෙන මෙම බෝම්බ රජු රුසියාවේ නිර්මානයකි.මෙගාටොන් 50 TNT සහිත “හයිඩ්‍රජන් බෝම්බයක්“ වන මෙය( දෙවන ලෝක යුද්ධයේදී පුපුරා දැමූ සියලු TNT ප්‍රමාණය එකට ඔතා එය 10න් වැඩි කල යුතු ප්‍රමාණයක්) පුපුරා යෑමේදී ඇතිවන ගිනි බෝලය කිලෝමීටර් 1000ක දුරට පෙනෙනු ඇත.

පිපිරීමෙන් ඇතිවන බිම්මල් ආකාර දූම වලාව කිලෝමීටර් 65(සැතපුම්40) ක් පමණ උස වේ.එය අප දන්නා උපරිම භූමි උස වන එවරෙස්ට් මුදුන මෙන් 7 ගුණයක උසකි.මෙය පිපිරීමෙන් කේන්ද්‍රෙය් සිට කිලෝමීටර් 55ක කලාපයක ජීවී අජීවී සියලුම දේ වාශ්ප වෙනු ඇත.කිලෝමීටර් 270ක් තෙක් කලාපයකට පිපිරීමේ උශ්ණත්වය දැනෙනු ඇත.එමෙන් එම කලාපය තෙක් සියලු දේ විනාශ වී යනු ඇත.පසුව කිලෝමීටර් 900 දක්වා සෙලවීම් හා වීදුරු බිදීම් ද ඇතිවේ.

රික්ටර් මාපකයේ 8.1 ක භූමිකම්පාවක චනලයන් ආශ්‍රිත කලාපයේ ඇතිවේ.පොළව මත සිදූවූවේ නම් පිපිරීමෙන් මීටර් 50කට වඩා ගැඹුරු ආගාධයක් ඇතිවේ‍.1961 වසරේ සිදුවෙමින් තිබූ සීතල යුද පසුබිම අතර තුර රුසියාව කාන්තාර පුදේශයකදී මෙම මෙම බෝම්බයක් අත්හදා බලා තිබිණ.

පොළවේ සිට සැතපුම් දෙකක් ඉහළ අහසේදී සිදුවූ මෙම පිපිරීම නිසා පොළව මත තිබූ සියලු වැලි හා ගල් අලුවී තිබිණ.මාස ගණනක් යනතුරු එම කලාපය විකිරණ බහුල කලාපයක් ලෙස නම් කොට තිබිණ.අමරිකාවට එරෙහි යුද්ධයකදී ප්‍රෙයා්ජනයට ගැනීමට මෙම බෝම්බය නිපදවා ඇති බව රුසියානු ආරක්ෂක අංශ පවසා තිබෙනවා.

මධ්‍යම ප්‍රමාණයේ ග්‍රහකයක් පෘතිවිය මත ගැටීම හා සමාන අපට සිතාගැනීමටවත් නොහැකි මෙම වර්ගයේ පිපිරීමක් ලෝකයේ කෙදිනකවත් සිදුනොවේවා යයි අපි සැමදා පැතිය යුත්තේ එයින් මේ පුංචි ග්‍රහලෝකය මත සිදුවිය හැකි විවිධ වෙනස් කම් වලට එය නිසැකයෙන් බලපාන නිසාමය..

හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: