මංගලගේ නිලධාරියාට මත්ද්‍රව්‍ය චෝදනා නැහැ – මාධ්‍ය ලේකම් අසිත රාජපක්ෂ

August 8, 2017 | 1:50 pm    0   252

මංගලගේ නිලධාරියාට මත්ද්‍රව්‍ය චෝදනා නැහැ – මාධ්‍ය ලේකම් අසිත රාජපක්ෂ

ඇමති මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධත නිලධාරීයෙකු මත්ද්‍රවය තොගයක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් අසිත රාජපක්ෂ නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.

එම නිවේදනය මෙසේය.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු සහ ඔහුගේ මිතුරන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අගෝස්තු 05 වැනි දින රාත්‍රී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිසියට භාරදීමේ සිද්ධිය පාදක කරගනිමින් අමාත්‍යවරයාට එරෙහි ඇතැම් අන්තරජාල මාධ්‍ය විසින් ‘මඩ’ මෙහෙයුමක් ආරම්භ කර ඇති බැවින් සිද්ධියට අදාල කරුණු කෙටියෙන් පැහැදිලි කරමින් මෙම මධ්‍ය නිවේදනය නිකුත් කරමි.

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධත නිලධාරී සමිර මනහර මහතා 05 රාත්‍රී ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමඟ රාත්‍රී සාදයක් සඳහා යමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් පිරිසක් විසින් රාත්‍රී 8.45 පමණ ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ජීප් රථය රජය සතු වුවක් නොවේ:

එසේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, එහි සිටි අයෙකු සතු එම ජීප් රථය පොලිස් නිලධාරින් විසින් පරික්කිෂාකිරිමේදී එහි තිබී මත්ද්‍රව්‍ය හමුවීම හේතුවෙනි. එම ජීප් රථය එහි සිටි අයෙකු සතු වුවකි.

රථයේ සිටි අයෙකු එය තමන්ගේ බවට පිළිගෙන ඇති අතර අනතුරුව විශේෂ කාර්ය බලක නිලධාරීන් අදාල සැකකරුගේ නිවසට ගොස් මත්පැන් බෝතල් 16ක් ද, සිගරට් කාටුන් තුනක්ද ප්‍රදර්ශන කුඩුවක්ද සහ නිවසේ භාවිතයට ගත මන්නයක්ද අත්අඩංගුවට ගෙන මෙම පිරිස 06 උදැසන ගල්කිස්ස පොලිසියට භාරදී ඇත.

සැකකරු ගමන්ගත් රථයේ සිටි නිසා:

අත්අඩංගුවට ගෙන සිටි සිව්දෙනාම පෙරේද පස්වරුවේදී ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කල ගල්කිස්ස පොලිසිය, මත්ද්‍රවය ළඟ තබාගත් පළමු සැකකරු හැර අනෙක් තිදෙනා ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී නැති බවත්, එම තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පළමු සැකකරු ගමන්ගත් රථයේ සිටි නිසා බවත් ‘බි’ වාර්තාවක් ගොනුකරමින් දන්වා සිටියේය.

මහේස්ත්‍රාත්වරයා හමුවේ වැඩිදුරටත් ගල්කිස්ස පොලිසියේ පොලිස් පරීක්ෂකවරයා පළමු සැකකරු හැර අනෙත් තිදෙනාට එරෙහිව මත්ද්‍රවය ළඟ තබාගැනීමේ හෝ මත්ද්‍රවය ජාවාරම් කිරීමේ චෝදනා ඉදිරිපත් නොකරන බවත්, ඔවුන් තිදෙනාට අප ලබාදීමට විරෝධතාවයක් නොදක්වන බව දැන්ව සිටියේය.

එම කරුණු සලකා බලමින් පළමු සැකකරු රිමාන්ඩ් භාරයට පත්කළ මහේස්ත්‍රාත්වරයා, අත්අඩංගුවට ගෙන සිටි සමීර මනහර මහතා ඇතුළු තිදෙනා ඇප මත මුදාහරිනු ලැබිය.

ඒ අනුව අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරියට එරෙහිව ඇතැම් අන්තර්ජාල මාධ්‍ය හරහා වාර්තා කර ඇති කරුණු පදනම් විරහිත බව සනාථ වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: