මං ආසම ඔය ඇස් දෙකට!

February 8, 2017 | 11:44 am    0   418

මං ආසම ඔය ඇස් දෙකට!

“කෙල්ලන්ට පුළුවන් ඇස්වලින් කතා කරන්න” ඒකයි කොල්ලෝ වැඩිපුරම කෙල්ලන්ගේ ඇස්වලට ආස. ඒකයි කෙල්ලො මේ තරමට ඇස් ගැන හිතන්නේ. මොකද එයාලා ආසයි ‘තමන්ගේ ඇස් ලස්සනයි’ කියලා කවුරුහරි කියනවට.

කෙල්ලන්ගේ ඇස්වලට නිසා ආකර්ෂණය වැඩි වෙන්න වැඩිපුරම බලපාන්නේ eyelashes එහෙමත් නැත්නම් මේ ඇස් පිහාටු. සාමාන්‍යයෙන් බොනික්කෙකුගේ වගේ දිග ඉහළට හැරුණු ලස්සන ඇස්පිහාටුවලට හැම කෙල්ලම කැමතියි. හැබැයි ස්වභාවිකව ඒ වගේ පිහිටන්නේ බොහොම සීමිත පිරිසකට. හැබැයි තමන්ට හිමි eyelashes හරියට සාත්තු කිරීමෙන් ආකර්ෂණීය ඇස් දෙකක් ලබාගන්න ඔයාට පුළුවන්කම තියනවා. ඔයාට පුළුවන් මේ වෙනුවෙන් වෙන් වුණ පුංචි පුංචි treatment ටිකක් කරන්න.

ඔයාට පුළුවන් මර්ලා (murula), කැස්ටර් (castor) වගේ පෝෂණය සපිරි පිරිපහදු නො කරන ලද තෙල් වර්ගයක් රාත්‍රියේදී ඇස් පිහාටු මත ආලේප කරන්න. පිරිසිදු ඇඟිලි තුඩුවලින් මෘදු කෙඳි තියන පුංචි brush එකක් වුණත් මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. ඒ මඟින් අවශ්‍ය පෝෂණය ලැබෙනවා වගේම කැස්ටර් තෙල් eyelashesවල දිග වැඩි කරන්නත් උදවු වෙනවා.

ඔයාගේ ඇස්වල තියන වියළි සහ ඉක්මණින් හැලෙනසුලු ඇස් පිහාටුවලට අවශ්‍ය පෝෂණය ලබාදෙන්න වගේම ඇස්පිහාටු වර්ධනයට eyelashes මත growth serum එකක් ආලේප කරන්නත් ඔයාට පුළුවන්.

Eyelashes විතරක් නෙමෙයි සම, නියපොතු, හිසකෙස් වගේ මේ හැමදේකටම බලපාන විටමින් B වර්ගයක් වන බයොටීන් වෛද්‍ය උපදෙස් අනුව භාවිත කරන එකත් මේකට ලොකු පිටුවහලක් වෙයි.

Make-up එකකදි වුණත් Eyelashes එකට හිමිවෙන්නේ ප්‍රධාන තැනක් කියලා දන්නවනේ. ඔයාගේ Eyelashes තවත් ආකර්ෂණීය කරන්න මස්කාරා භාවිතා කරද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නත් ඕන. මොකද මස්කාරා ගාලා ඒ brush එකෙන් Eyelashes ඉහළට කරකවනව නම් Eyelashes හැලී යාමේ අවදානමක් තියනවා. ඒ නිසා මස්කාරා ආලේප කරන්න කලින් ගැලපෙන brush එකකින් Eyelashes පිළිවෙලකට හදාගෙන ඊටපස්සේ මස්කාරා ආලේප කිරීමයි කරන්න ඕන. ඒ වගේම ආලේප කරලා තියන මස්කාරා රාත්‍රියට හොඳින් ඉවත් කරලා Eyelashes පිරිසිදු කරගන්න එකත් හරිම වැදගත්.

Eyelashesවලට වෙන් වුණු Blow-dryer එකක් උදව්වෙන් Eyelashes ඉහළට කරකැවීමට පුළුවන් වගේම ඒ වගේ හැඩය දිග වෙලාවක් පවත්වා ගන්නත් පුළුවන්. මේක හොඳ පරිස්සමට කරන්න ඕන දෙයක් වගේම dryer එකේ උණුසුම ගැනත් හොඳ සැලකිල්ලක් දක්වන්න ඕන. මේ විදිහට dryer එකක් භාවිත කරද්දී eyelashesවල අග ප්‍රදේශය තත්පර කිහිපයක් තද කරගෙන ඉඳලා එක්වරම අතහැරීම කරන්න ඕන. ඒ මඟින් ඇහි පිහාටුවල වක්‍රාකාර ස්වභාවය වැඩි කරගන්න පුළුවන්.

හැබැයි මේ මොන දේ කළත් ඔයා මේ ලස්සන කරගන්න යන්නේ ඔයාගේ ඇස් දෙක කියලා මතක තියාගන්න ඕන. මොකද ඒක ඔයාගේ ජීවිතේට ලැබුණ වටිනම දෙයක් නිසා. ඒ නිසා eyelashes ලස්සන කරන්න යද්දි පරිස්සම ගැනත් ගොඩක් හිතන ඒක තමයි වැඩිපුරම හොඳ.

රිද්මි පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: