මං පතනවා ගීතයෙන් කල එලි දුටු අශාන්ගේ අලුත්ම එක මෙන්න

September 6, 2017 | 12:15 pm    0   650

මං පතනවා ගීතයෙන් කල එලි දුටු අශාන්ගේ අලුත්ම එක මෙන්න

අශාන් ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ ලාබාල වගේම දක්ෂ සංගීතඥයෙක්. සංගීතයෙන් තනු නිර්මාණයෙන් විතරක් නෙමෙයි ‘සත්තයි ඔයා’, ‘මං පතනවා’ ගීත දෙක තුළින් ලංකාවේ ජනප්‍රිය වෙච්ච දක්ෂ ගායකයෙක්. අශාන්ගේ අලුත්ම ගීතයත් මේ දිනවල ඉතාමක් ජනප්‍රියයි. ඒ නිසා අපි හිතුවා අශාන්ට පුංචි පිළිසඳකරට ආරාධනා කරන්න. මේ අශාන් අපිත් එක්ක ඔබ වෙනුවෙන් කල කතාබහේ රස මුසු තැන් කිහිපයකි..
කොහොමද අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචාර, video එකක් නොමැතිවම?
ඔව් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජ ජාලවල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා video එකක් නැතිවම. ඉතිං ගොඩක් සතුටුයි.

අශාන් ප්‍රනාන්දු කියන ගායකයා කරළියට ආවේ ළඟදිනේ. ඇයි එන්න ප්‍රමාද වුණේ ගායකයෙක් විදිහට?
මට ඉස්සෙල්ලම ඕනි වුණේ අශාන් ප්‍රනාන්දු කියන නම ගායකයෙක් විදිහට හඳුන්වන්න නෙමෙයි. මට පළවෙනියටම උවමනා වුණේ සංගීතඥයෙක් විදිහට නම හදාගන්න එක. අවුරුදු 4ක් තිස්සේ මම අනිත් අයට Music හදලා දීල තමයි මම ගායකයෙක් විදිහට එළියට එන්නේ.

ගායකයෙක් විදිහට මේ ගෙවපු කාලය තුළ ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම හිතාගන්න අමාරුයි. මගෙ පළවෙනි ගීතය ‘මං පතනවා’ ගීතයට සහ ‘සත්තයි ඔයා’ ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.

සංගීතඥයෙක් විදිහට ඉඳලා ගායකයෙක් විදිහට කලඑළි බහින්න හිතුවෙ ඇයි?
ගොඩක් අවස්ථාවලදී මම Music කරපු ගායක ගායිකාවො ගොඩක් ඇහුවා ඇයි ඔයා Sing කරන්නෙ නැත්තෙ කියලා. ඒත් මට ඕනි වෙලා තිබුණේ සංගීතඥයෙක් විදිහට නම හදාගන්න නිසා මම පොඩ්ඩක් කල් ගත්තා. මොකද ගායකයෙක්ට එහා ගිය කෙනෙක් සංගීතඥයෙක් කියන්නේ.

‘මං පතනවා’, ‘සත්තයි ඔයා’ වගේ ගීත වර්තමාන සංගීත ක්ෂේත්‍ර තුළ වෙනසක් ඇති කරා කියලා හිතනවාද?
ඕක ලොකු ගැඹුරු ප්‍රශ්නක් ඇත්තටම. එක එක කාලවල්වලදී මිනිස්සුන්ගේ ඉල්ලීම් වෙනස්. දැන් ජෝතිපාල මහත්මයා සහ අමරදේව ශූරීන් ගත්තම, මිල්ටන් මල්ලවආරච්චි මහත්මයා ගත්තම ඒ ඒ කාලවල්වලදී එක එකTrend විදිහට ආවේ. ඒ එක එක කාලවලදි මිනිස්සු ඉල්ලපු දේ අනුව. ඒ වගේ තමයි දැනුත් එහෙම ඉල්ලීම් තියෙනවා. දැන් ඇත්තටම මේ Style එකට ගොඩක් හොඳ ඉල්ලුමක් තියෙනවා.

ගීතයට තනුවක් නිර්මාණ කරද්දි අශාන් මොනාද සැලකිල්ලට ගන්න කරුණු?
මම කවුරු Music කරන්න දුන්නත් ඉස්සෙල්ලම අහන දේ තමයි එයා කැමති Music Style එක මොකක්ද කියලා. හේතුව එයා කැමති Rock, Pop වෙන්නත් පුළුවන් Indian වෙන්නත් පුළුවන්. එහෙම අහලා කැමති Style එකට තමයි Music හදන්නේ.

අශාන් අලුත් ගීතයට Video එකක් කරන්න අදහසක් නැද්ද?
කරනවා අනිවර්යයෙන්ම. මගේ අනිත් ගීතවලටත් Video එක ගොඩක් ලොකු Support එකක් වුණා. ඒ හින්දා Video එකක් කරන්න ඉන්නේ.

සංගීත ක්ෂේත්‍රය තුළ අශාන් ප්‍රනාන්දු කියන නම හදාගන්න කොච්චර කට්ටක් කෑවද?
මට කාලයක් තිබුණා කටුක ජීවිතයක් ගත කරපු. සිදුවීම් ගොඩක් වෙච්ච කෙනෙක් මම. ඇත්තටම අශාන් ප්‍රනාන්දු කියන චරිතය මෙතන ඉන්නෙ ඩිලාන් ගමගේ කියන පුද්ගලයා නිසා. ඒක බය නැතුව මං කියනවා. මගේ ජීවිතේට ලොකු වටිනාකමක් ගෙනාපු කෙනෙක් තමයි ඩිලාන් අයියා.

අශාන් හිතුවද ලංකාවේ ජනප්‍රිය පුද්ගලයෙක් වෙයි කියලා?
නෑ ඇත්තටම. සංගීතඥයෙක් විදිහට සහ ගායකයෙක් විදිහට ඒ දෙකම හිතේ කොනක තිබුණා අනිවාර්යෙන්ම වෙනවා කියලා. මම ගොඩක් ආසාවෙන් හිටියා. හැබැයි මෙච්චර දුරක් එයි කියලා නම් කවදාවත් හිතුවේ නෑ.

සිනමා සංගීත අධ්‍යක්ෂණයට හෝ ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය පැත්තෙන් ආරාධනා ලැබිලා තියෙනවද?
ඔව් සිනමා පට දෙකක සංගීත අධ්‍යක්ෂණය කරමින් පවතිනවා. ගොඩක්ම Teledrama කරා. Theme songs වගේ දේවලු කරා. ගායනය පැත්තෙනුත් කරපු දේවල් ලංකාවේ ජනප්‍රිය වෙලා තියෙනවා.

ප්‍රසංග වේදිකාවත් ආක්‍රමණය කරල තියෙන පුද්ගලයෙක් විදිහට කොහොමද ඒ අත්දැකීම?
මම ප්‍රසංග වේදිකාවට ඇවිල්ලා බොහොම පුංචි කාලයයි. අනික මම ගොඩක් Studio එකට වෙලා හිටපු කෙනෙක්. ගායකයෙක් විදිහට ප්‍රසංග වේදිකාවට ගියාම තමයි දැනුණේ මිනිස්සු අපිට කොච්චර ආදරේද කියලා.

අම්මා තාත්තා මොකද කියන්නේ පුතා ඉන්න තැන ගැන?
අනිවාර්යෙන්ම එයාල තරම් සතුටු වෙන කවුරුවත් නැතුව ඇති මේ ලොකේ. අම්මා ගොඩක් සතුටු වෙනවා. තරගවලට යද්දි අම්මා ඉස්සරහට ගිහින් මුලින් කියලා තමයි ගීත තරගවලට යන්නේ.

අශාන්ට ජනප්‍රියත්වයත් එක්ක ගෑනු ළමයින්ගෙන් තියෙන ප්‍රතිචාරය මොන වගේද?
හොඳයි. ගොඩාක් ලොකු ප්‍රතිචාර තියෙනවා. මං හිතනවා පිරිමි ළමුන්ගෙන් තමයි මට ගොඩාක් ප්‍රතිචාර තියෙන්නේ.

පෙම්වතියක් එහෙම ඇති නේද? එයාගේ විස්තරත් කියමුද?
ඉන්නවා. (හිනාවෙමින්) එයාගේ විස්තර පසුවට කියමු නේද?

මේ ගමන එන්න උදව් කරපු අයත් මතක් කළොත්?
විශේෂයෙන් ඩිලාන් ගමගේ අයියා මතක් කරන්න ඕනි. ජනින සහ හර්ෂණ මෙන්ඩිස් අයියව මතක් කරනවා. රොෂාන් ප්‍රනාන්දු අයියවත් මතක් කරන්න ඕනි.

හෂාන් අනුරාධ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: