මගී ප්‍රවාහන ඩ්රෝන් සේවයක්

ලබන ජුලි මාසයේ සිට මගී ප්‍රවාහක ඩ්රෝන් යානා සේවයක් ආරම්භ කරන බව ඩුබායි බලධාරීහු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ නිෂ්පාදිත eHang 184 ඩ්රෝන් යානා සේවය දැනටමත් අත්හදා බලා අවසන් බව ඩුබායි මහාමාර්ග සහ ප්‍රවාහන ආයතනයේ ප්‍රධානියා පැවසීය.

වරකට කිලෝග්‍රෑම් 100 ක් දක්වා බරැති එක් මගියකු පමණක් රැගෙන යා හැකි එම යානාවලට වරකට පියාසර කළ හැකි උපරිම කාලය මිනිත්තු 30 කි.

යානයේ පිහිටි පරිගණකයක සිය ගමනාන්තය සටහන් කිරීමට මගියාට අවස්තාව සැලසෙන අතර, යානය තුල වෙනත් කිසිදු පාලක උපකරණයක් නොමැති බව වැඩිදුරටත් වාර්තා වේ.

(බීබීසී)

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × one =