මට තනිකඩ ජීවිතේ රහ දැන් දැනිලා තියෙන්නේ – රන්ජන් රාමනායක

September 25, 2017 | 8:47 am    0   155

මට තනිකඩ ජීවිතේ රහ දැන් දැනිලා තියෙන්නේ – රන්ජන් රාමනායක

රන්ජන් රාමනායක කියන්නේ දේශපාලනය තුළ කටකාර වගේම නිර්භීත දේශපාලකයෙක්. ඒ වගේම රටක් ආදරය කරන සිංහල සිනමාවෙ සුපිරි තරුවක්. ඉතින් ඒ සුපිරි තරුවට අපි ආරාධනා කළා පුංචි කතාබහකට.

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
මගේ අලුත් Film එක එන්න තියෙනවා. ‘Doctor නවරියන්’. ඒකට ලෑස්ති වෙනවා. මේ දෙසැම්බර් වගේ තිරගත වේවි.

දේශපාලන කටයුතුත් එක්ක කලාව ඈත් වුණා කියලා හිතෙන්නේ නැද්ද?
නෑ. මම විවාහ වෙලා නැති නිසා මට ලොකු වෙලාවක් තියෙනවා මගේ වැඩකටයුතු ටික කරගන්න. ඉතින් ඒ හින්දා ඒ දේවල්වලට කැප වෙලා කටයුතු කරන්න පුළුවන් කිසි අව්ලක් නෑ. මට බැඳීම් නැති නිසා ලොකු වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා අනිත් අයට වඩා. ඒ හින්දා දේශපාලනය සහ කලාව කියන දේට කැප වෙලා වැඩ කරන්න වෙලාවක් තියෙනවා.

කෝ ඔබ තුළ ඉඳපු සිනමා අධ්‍යක්ෂවරයා?
එයා ඉන්නවා මා තුළ. ‘Doctor නවරියන්’ අධ්‍යක්ෂණය කළේ මම. ඒ ඇවිල්ල මගේ හතර වැනි අධ්‍යක්ෂණය. මගේ පළවෙනි අධ්‍යක්ෂණය Parliment Jokes. මම ටෙලි නාට්‍යකුත් අධ්‍යක්ෂණය කළා. ඊට පස්සේ One Shot One, Leader වගේ දේවල් මගේ අධ්‍යක්ෂණයන්. ඉදිරියේදිත් ආපහු අධ්‍යක්ෂණයකට සූදානමින් ඉන්නවා. පිටපත ලියලත් අවසන්. ‘Doctor නවරියන්’ අවසන් කළාට පසුව ඒකේ වැඩක පටන් ගන්නවා.

ලංකාවේ ක්‍රියාදාම සිනමා නිර්මාණයන් අඩුවක් තියෙනවා නේද?
Bollywoodවල සහ Hollywoodවල ක්‍රියාදම චිත්‍රපට උපරිමයෙන්ම වෙනවා. ලංකාවෙන් ඒ දේවල් හැකි පමණින් වෙනවා ර්ණීදඥ ඉඩධබ ර්ණීදඥ, ඹ්ඥචඤඥප වගේ සිනමා නිර්මාණයන්වලින් ඒ දේ කළා. අපේ තියෙන වෙළඳපළත් එක්ක ඒ දේ කරන්න අමාරුයි. මොකද Budget එක Cover කරගන්න අමාරු නිසා. නමුත් කරන්න දක්ෂයෝ ඉන්නවා ලංකාවේ.

ඉස්සර ලංකාවේ සුපිරි තරු සංකල්පය තිබුණනේ. වර්තමාන සිනමාවේ ඒ පෞරුෂත්වය, තාරුණ්‍යය තියෙන නළුවා කවුද?
තරුණ නළුවෝ ගොඩාක් ඉන්නවා. රොෂාන් රණවන, සාරංග ඉන්නවා. හේමාල්, උද්දික ඒ වගේම ජැක්සන් ඇන්තනීගේ පුතාලා දෙන්නා, මායා එකේ ප්‍රධාන චරිතය කරපු පුබුදු චතුරංග ඉන්නවා. ඔය වගේ Young Talent එක තියෙන ගොඩාක් අය ඉන්නවා අපිට. ඉදිරි සිනමාව ගැන බය වෙන්න දෙයක් නෑ. අපි Reality Showsවලින් දකිනවා එයාලගේ දක්ෂකම්, කඩවසම් වගේම පෞරුෂත්වය තියෙන තරුණ නළුවො ඉන්නවා. මං කියපු නම්වලට අමතරව ගොඩාක් හොඳ නළුවො ඉන්නවා.

දේශපාලනයට ඇවිත් රසික ප්‍රසාදය අඩු වුණා නේද?
මං නම් හිතන්නේ රසික ආදරය, ප්‍රතිචාරය වැඩි වුණා කියලා. හොඳම උදාහරණය මට ජනප්‍රිය නළුවා සම්මානය එකොළොස් වසරක් ලැබුණා. සරසවි සම්මාන ලැබිලා තියෙනවා හය වතාවක් විතර. දෙරණ ජනප්‍රිය නළුවා දෙපාරක් ලැබිලා තියෙනවා. ඉතින් ජනතාව හිතනවා සිනමාවේ පෙන්නන ජනතාවගේ ප්‍රශ්න කතා කරන වීරයගේ චරිතය දේශපාලනයේදීත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ගීතයක් කරන්න ආසාවක් නැද්ද? නැත්නම් වෙලාවක් නැද්ද?
අලුත් ගීතයක් කළා. ඒක ළඟදිම Realease කරනවා. නවරත්න මාස්ටර් කළේ ඒක. ආදර ගීතයක් තමයි කළේ. තවත් ගීත කිහිපයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

විවාහය ගැන හිතන්නෙම නැද්ද?
මං හිතන්නේ මගේ මේ නිර්භීතකමට හේතුව තනිකඩ වීම. ඕන දෙයක් ස්වාධීනව ප්‍රකාශ කරන්න තියෙන හැකියාව, බැඳුම්කර හෝ දුශ්ශීල භික්ෂූන්වහන්සේලා ගැන, දූෂිත නීතිඥයො ගැන හරි කතා කරන්න මට මේ ශක්තිය ලැබිලා තියෙන්නේ මගේ මේ තනිකඩ ජීවිතයත් එක්ක. අත්හැරීම් පවා පුරුදු වෙලා තියෙන්නේ මේ තනිකඩ ජීවිතය නිසා. මම පාර්ලිමේන්තුවේ ලක්ෂයක දීමනා අතෑරියා. වාහන එපා කිව්වා. වයිෆ් කෙනෙක් හිටිය නම් ඒවා අතාරින්නවත්, කෙළින් කතා කරන්නවත් පුළුවන්ද? අපි වාහන එපා කිව්වොත් කියයි ඔයාට එපා නම් මට දෙන්න කියලා. සල්ලි එපා කියනකොට කියයි ළමයි පැටවු ඉන්නවා කියලා.

තරුණියන්ගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර තාම ඉහළයිද?
තාම නම් අඩුවක් නෑ. හැබැයි කවද අඩුවෙයිද දන්නෙ නෑ. (සිනාසෙමින්) නැතිවෙයි කියලා විශාල බයකුත්, දුකකුත් තියෙනවා. හැබැයි තව වෙනතුරු නම් එහෙම නෑ. සියලු දේම අනිත්‍යයි කියලා ඔළුවෙ තියාගෙන ජීවත් වෙනවා. ඒ හින්දා ගැටලුවක් නෑ. රජිනිකාන්ත් වගේම, අපේ වෙනත් නළුවොත් මගෙ වයසේ එයාලටත් තාම ප්‍රතිචාර අඩු නෑනේ. මටත් ඒ වගේ තමයි තාම.

සිනමා ලොවේ අනංගයා රංජන් රාමනායක කිව්වොත් පිළිගන්නවද?
ම්….. (හිනාවෙමින්) මම හිතන්නෙ නෑ එහෙම නම්. මම හිතන විදිහට විජය කුමාරතුංග මගේ මාමා තමයි සිනමා ලොවේ අනංගයා. එයා තරම් වෙන කෙනෙක් මං දැක්කෙ නෑ. ඊළඟට සනත් අයියා, ජීවන් අයියා වගේ අය හඳුන්වන්න පුළුවන්. ගාමිණි මහත්තයාටත් එහෙම එකක් තිබුණා. ආනන්ද ජයරත්න මහතාටත් තිබුණා. මට ඒ Certificate එක එන්නේ මම මැරුණම තමයි.

කලා ලොවේ හිතින් ආදරය කරපු නිළියක් එහෙම ඇති නේද?
අපෝ ඕන් තරම්. නිළියන්ට මන් ආදරේ කළා. ඒවා හරි ගිය අවස්ථා තියෙනවා, ප්‍රතික්ෂේප වුණ අවස්ථා තියෙනවා. යාළු වෙනවා, තරහ වෙනවා වගේ අවස්ථා තිබුණා. ඒ වගේ ගොඩාක් තිබුණා. සමහර ඒවා තාම Try කරන ඒවත් තියෙනවා. ඒ සමහර අය ඉතාම හොඳ පවුල් ජීවිත ගත කරනවා. එයාලගේ ඉල්ලීමක් තියෙනවා, අයියේ ඕනම දෙයක් කියන්න හැබැයි අපේ පවුල් කඩාකප්පල් කරන්න එපා කියලා. Hollywood, Bollywood Dating හැමතැනම තියෙන දෙයක්. අපේ සංස්කෘතියත් එක්ක නම් කියන්න බෑ එයාලගේ. “කඩ මණ්ඩියේ ‍ෙදාළ අයිනේ ඔබට පෙනී…. කතා නැතිව හිටියත් ගොළු වෙලා අපි…..” කිය කිය බල බලා ඉන්නවා ඉතින්. ලස්සන ප්‍රේම කතා ගොඩක් තියෙනවා. ඒත් ඒවා කියන්න විදිහක් නෑ ඉතින්.

ලංකාවේ වර්තමාන කලා ක්ෂේත්‍රයේ සරාගීම නිළිය කවුද ඔබ හිතන විදිහට?
එක පාර නම් කිහිපයක් එනවා කියවෙන්න. ඒත් කියන්න බෑ අනිත් අය තරහ වුණොත් එහෙම. ආසයි බයයි කියන්න. මොකද එක්කෙනෙක්ගෙ නමක් කිව්වොත් අනිත් කෙනා ගෝරියට එනවා. ඒකයි..(හිනාවෙමින්)

ලංකාවේ කලා ක්ෂේත්‍රයේ කෙළින් කතා කරන්න පුළුවන් කොන්ද පණ තියෙන නළුවෙක් විදිහට රංජන් රාමනායක විතරයි ඉන්නෙ කියලා ගාමිණි ෆොන්සේකා මහත්තය ඔබව අගයනවා. මොකද හිතුණේ ඒ වෙලාවේ?
ඒක තමයි මට කලා ක්ෂේත්‍රයෙන් ලැබුණ ලොකුම සම්මානය. ඒකෙන් මම පුදුම විදිහට ධෛර්යමත් වුණා. එතුමා කිව්වා “එක කොල්ලෙක් ඉන්නවා කොන්ද පණ තියෙන ඒ රංජන් රාමනායක.” කියලා. ඒ වෙලාවේ මගේ ඇඟේ හීරිගඩු පිපුණා. එතකොටම හැමෝගෙන්ම ලොකු අත්පොලසන් නාදයක් ලැබුණා. මගේ නැන්දා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලයේ අරලියගහ මන්දිරයේ කලාකරුවන් වෙනුවෙන් පැවති උත්සවයකදි තමයි මයික් එක අරන් කතා කළේ. එදාමයි මම මගේ දේශපාලන ජීවිතය පටන් ගත්තෙත්. එතුමා දුන්න ධෛර්යයත් එක්ක මම දිගටම කතා කරන්න පටන් ගත්තා. අදටත් මම ගාමිණි මහත්මයට ආදරෙයි.

හෂාන් අනුරාධ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: