මට භාෂා දෙකෙන්ම වැඩ කරන්න පුළුවන්

February 17, 2017 | 9:59 am    0   1182

මට භාෂා දෙකෙන්ම වැඩ කරන්න පුළුවන්

ඔයාගේ නම?
ෂෙරීන් එදිරිසිංහ.

ඔයා රංගන ශිල්පිනියක් වෙලා කොච්චර කල් ද?
දැන් අවුරුදු තුනක් ඉවරයි.

මොනව ද කරල තියෙන්නෙ මේ වෙනකොට?
මම film හතරක රඟපාල තියෙනවා. ඒකෙන් අන්තිමට කළ “හැට හතර මායිම්” තිරගත වුණාම දූවිලි, අතුරුමිතුරු, අප්පට සිරි කියන films තුන එන්න තියෙනවා.
Teledrama කිහිපයක්ම කරල තියෙනවා. මේ දවස්වලත් මෝදර වැල්ල, මද්දුම බලකාය කියන teledrama දෙකේ වැඩ කරනවා. මේ හැම එකකම එකිනෙකට වෙනස් චරිත තමයි මම නිරූපණය කළේ.

කොහොම ද ඔයා නිළියක් වෙන්නේ?
මම රූපලාන්‍ය පාඨමාලාවක් හැදෑරුවා. ඒකේ show එකක් තිබ්බා කොලොන්නාවේ. මම තමයි ඒකේ මගේ අංශයෙ dress කළේ. ඊට පස්සේ එතනදි අඳුනගත්ත එක්ක කෙනෙක් එයාගෙ bridal shoot එකකට කතා කළා. ඒ, ඡායාරූප මාර්ගයෙන් තමයි මම තරුමලී කියන නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. පස්සේ මම ඒකට තියෙන කැමැත්ත නිසා දිගටම වැඩ කළා. අනිත් එක තමයි, මම සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම වැඩ කරනවා. Tamil teledrama 4ක් කළා. මේ දවස්වලත් Tamil වේදිකා නාට්‍යයක පුහුණුවීම් කරනවා.

කොහොම දTamil පුරුදු වුණේ?
අපේ තාත්තා field officer කෙනෙක්. තාත්තගේ office එකේ ගොඩක් Tamil අය හිටියා. මමත් තාත්තිගෙ office එකේ වැඩවලට උදව් වුණා. මට Tamil ටිකක් පුළුවන් ඒ වෙද්දි. පස්සේ මම හොඳට ඒක ඉගෙන ගත්තා. දැන් මට ලියන්න, කියවන්න කතා කරන්න හොඳටම පුළුවන්.

මේක ඔයාගෙ Job එක ද?
රඟපෑම දැන් මගේ වෘත්තිය වගේ තමයි. ඒත් එක්කම මම ගෙදර salon එකක් කරනවා. Appointmentsවලට වැඩ කරනවා. රඟපෑම දිගටම කරගෙන යනවා. රඟපෑමෙන් ලොකු ආදායමක් ලැබෙන්නෙ නැහැ. ඒත් සතුටින් කරනවා.

Girl කෙනෙක් විදිහට field එක ගැන මොනව ද හිතන්නේ?
මේකෙ හොඳ නරක තියෙන්නේ තම තමන් සතුව තමයි. අපි දැනගන්න ඕන අපි ඉන්න විදිය. නැතුව කාටවත් වැරදි කියල වැඩක් නැහැ. හැමදේම balance එකේ කරගෙන යනව නම් ප්‍රශ්නයක් නැහැ.

මොනව ද අනාගත බලාපොරොත්තු?
ගැලපෙන චරිත සතුටින් භාර අරන් කරනවා. ඒ, මම කරන දෙයින් මට ලැබෙන තෘප්තිය තමයි ගොඩක් වැදගත්. මට ලොකු හීන නැහැ. කවදහරි ආපස්සට හැරිල බලද්දි සතුටු වෙන්න පුළුවන් දෙයක් කරන එක තමයි බලාපොරොත්තුව.

ඔයාගෙ සමකාලීන නළු නිළියන් ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් අය හොඳයි. එකිනෙකාට උදව් කර ගන්නවා. සහෝදර බැඳීම් තියෙනවා. සුළු කොටසක් විතරක් ඉන්නවා කැපිලි කෙටිලි දාන අය. එත් ගොඩක්දෙනා හොඳයි. ප්‍රවීණයන්ගෙන් නම් අපි දවස ගානේ මොනව හරි ඉගෙන ගන්නවා.
ඒ වගේම දැන් සමාජ ජාලා හරහා ඒක photo shoot එකක් කරලා, models විදියට ඒව දාලා ජනප්‍රිය වෙන අය ඉන්නවා. හැබැයි රංගන ශිල්පිනියක් වෙන්න එහෙම බැහැ. කාලයත් එක්ක, දක්ෂතාවත් එක්ක තමයි ඉදිරියට එන්නේ. ඒ නිසා හැමෝම දිහා එක විදියට බලන්න එපා කියල කියන්නම ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: