මතකද….? මීට අවුරුදු 12කට කලින් අද වගේ දවසක්….

December 26, 2016 | 10:59 am    0   581

මතකද….? මීට අවුරුදු 12කට කලින් අද වගේ දවසක්….

මිනිස්සුන්ව ජීවත් කරවපු මුහුද
මිනිස්සුන්ගෙ හිත්වල දුක අහපු මුහුද
හැන්දෑවට අහසත් එක්ක
රටා මවපු මුහුද
මට කියපන් එදා ඇයි
එච්චරටම කුරිරු උනේ උඹ
එදා වෙරළෙන් හුගක් ඈතට
උඹ යනකොට
අපේ උන් සිතිජයේ ඉම
හොයන්න යන්න ඇති
උඹට තිබුන එදා
ආපහු එනකොට හිමින් එන්න
ඒත් අපෙන් ඈතට ගිය
ඒ මුහුද නෙවේ
ආයෙත් අපිව බලන්න ආවෙ….
එදා අපේ මිනිස්සුන්ගෙ
ගෙවල් උඩින් පාරවල් උඩින්
මිනිස්සුන්ගෙ හදවත් උඩින්
පොල් ගස් තරම් උසට උඹ ඇවිත්
අපේ උන් කීයක් නම් අරන් ගියාද
කොටින්ම එදා උඹට
යකඩයව උස්සල පොලේ ගහන්න
තරමටම තරහ ගියාද?
උඹට තිබුන ආයෙත් එනකොට
තරහ නොවී එන්න
ඇදිවත විතරක් අරගෙන
පාරට බැහැපු අපේ උන්ව
උඹ දෙවනි පාරටත් ඇවිත්
අරන් යනකොට
දුක හිතුනෙ නැද්ද උඹට….
ජීවිතේ හම්බ කරපු හැමදේම
උඹ අරගෙන යනකොට
අඩුම ගානෙ අපේ උන්ව
අපිට දීල යන්න තිබ්බ….
මතක තියාගනින්
උඹට එකක් බැරි උනා
ඒ අපේ රටේ මින්ස්සුන්ගෙ
එකමුතුකම නවත්තන්න
ඒත් උඹ දිනුම්….
අපිට අපේ උන් නැති උනා
අනේ එපා කවදාවත්
උඹ ආයෙත් ඒ විදිහට වෙන්න
මම අදත් කියන්නෙ උඹට තිබ්බ
එදා කුරිරු නොවී ඉන්න….

සටහන – තරිඳු අමිල

සුනාමි ව්‍යසනයෙන් මිය ගිය සියලුම දෙනාට
ඔවුන් පැතු විමුක්තිය අත්වේවා !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: