මන්නාරමේ කතෝලික රදගුරුවරු මහපාරට!

April 21, 2017 | 1:00 pm    0   169

මන්නාරමේ කතෝලික රදගුරුවරු මහපාරට!

යුද්ධයෙන් පසුව මන්නාරම් මුල්ලිකුලම් ඇතුළු ප්‍රදේශයන්හි නැවත පදිංචි වැසියන්ගේ මුල් ඉඩම් ආරක්ෂක අංශවලින් නිදහස් කරන මෙන් ඉල්ලා පසුගියදා(19) මන්නාරම් රදගුරු කිංස්ලි ජෝෂප් ස්වාමිපිල්ලේ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් පැවත්වුණි.

මුල්ලිකුලම් වැසියන් 2007 වසරේදී යුද්ධය හේතුවෙන් පවුල් 200ක පමණ පිරිස් ඇතුළුව මන්නාරම් දිස්ත්‍රික්කයේ නැවත පදිංචි වූ වැසියන්ට සිය මුල් ඉඩම්අතහැර යාමට සිදු වූ අතර යුද්ධය අවසන් වූ පසු එම පිරිස්වලට ඔවුන්ගේ මුල් ඉඩම් වෙනුවට විකල්ප ඉඩම් ලැබුණු නමුත්, ආරක්ෂක අංශ භාරයේ ඇති සිය මුල් ඉඩම් අවශ්‍ය බව පවසමින් මසකට වැඩි කාලයක් සත්‍යග්‍රහයක නිරත වුවද විසඳුමක් නොමැති වීම හේතුවෙන් මන්නාරම් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.

මන්නාරම සෙබස්තියන් පල්ලිය ඉදිරිපිටදී මන්නාරම් රදගුරු හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මන්නාරමේ සියලුම කතොලික පියවරුන්ගේ සහ මුල් ඉඩම් අහිමි වූවන්ගේද සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම උද්ඝෝෂණය මන්නාරම් නගර මධ්‍යයට පැමිණ අවසානයේ මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අවසන් විය.

එහිදී මන්නාරම් රදගුරු කිංස්ලි ජෝෂප් ස්වාමිපිල්ලේ හිමිපාණන් විසින් මන්නාරම් දිසාපතිවරයාට අදාල ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් භාර දෙනු ලැබූ අතර මන්නාරම් දිසාපති එම්. වයි. එස්. දේශප්‍රිය කියා සිටියේ අදාල ඉල්ලීම් ඇතුළත් සන්දේශය රජයේ සියලුම වගකිව යුතු නිලධාරීන් වෙතට භාර දීමට පියවර ගන්නා බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: