“මම යහපාලන ආණ්ඩුවෙන් යනවා” – නියෝජ්‍ය ඇමති දුලිප් විජේසේකර

July 12, 2017 | 2:14 pm    0   126

“මම යහපාලන ආණ්ඩුවෙන් යනවා” – නියෝජ්‍ය ඇමති දුලිප් විජේසේකර

පවතින යහපාලන ආණ්ඩුවේ සම්මුතිය අවසන් වීමෙන් පසු තමා මෙම ආණ්ඩුවේ තවත් නොසිටින බව තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය ඇමති දුලිප් විජේසේකර මහතා පැවසිය.

ඔහු මේ පිළිබඳව සඳහන් කර තිබුනේ මාධ්‍ය ආයතනයක් විසින් ඒ මහතාගෙන් ඇසු පැනයකට පිළිතුරු වශයෙනි. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ පිළිබඳව තමා ජනාධිපතිවරයා ද දැනුවත් කර ඇති බවයි.

පසුගියදා නියෝජ්‍ය ඇමතිවරයා සතුව තිබූ ජීප් රථයක තිබී පිස්තෝලයක් හමුවීමත් සමඟ විජේසේකර මහතා පිලිබඳ සමාජයේ කතාබහක් ඇතිවිය. ඒ පිලිබඳ ඔහු සඳහන් කර තිබුනේ එම රථය අලුත්වැඩියාවක් සඳහා අමාත්‍යංශයට භාරදුන් බවත්, එහි දින ගණනාවක් රථය තිබූ බැවින් එය තම භාරයේ නොතිබූ බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: