“මම ළඟදීම Film එකක් කරනවා” – ඉරාජ් වීරරත්න

July 16, 2017 | 6:00 pm    0   443

“මම ළඟදීම Film එකක් කරනවා” – ඉරාජ් වීරරත්න

Chat with Iraj (part-1)

ඉරාජ් වීරරත්න කියන්නේ ලංකාවේ Music Video කලාව විතරක් නෙවෙයි අපේ සමාජයම  උඩු යටිකුරු කරන්න උත්සහ කරන චරිතයක් කිවොත් මම හිතන්නේ මම නිවැරදියි.

මම විතරක් නොවෙයි අද වැඩිදෙනෙක් ඉරාජ් ගැන හිතන් ඉන්නේ එහෙම තමයි.

කාලාන්තරයක් තිස්සේ ලංකාවේ පැවති සංස්කෘතිය ඉරාජ් නිසා විනාශ වෙනවා කියන පිරිසත් සුළුපටු නම් නැහැ.

එත් කොච්චර බැනුම් ඇහුවත් අලුත් දේවල් වෙනස් විදියට කරන ඉරජ්ගේ මේ පුරුද්ද නම් කවදාවත්ම නැති වෙන්නේ නැති පාටයි.

මේ සියලු දේවල් ගැන කතාබහ කරන්න ඉරිදා ඇපල් අපි ගියා ඉරාජ් මුණ ගැහෙන්න.

ඉරාජ් අලුත්  Music Video එකක් කරන්න යනවා කියන්නේ ඇත්තද?

ඔව්. තව මාසෙකින් විතර යනවා ඒකට. මේකේ තියන විශේෂත්වය තමයි මේක පොඩි Short Film එකක් වගේ තමයි යන්නේ. ගීතයක් තියනවා ඒක මිනිත්තු 20ක විතර Film එකක් විදියට තමයි හදලා තියන්නේ.

මේ ගීතයක ආකෘතියෙන් පිටපැනීමක් නෙවෙයිද?

එහෙමමත් නැහැ. මේක ගීතයක්. මගේ අදහසක් තියනවා ඉස්සරහට Film එකක් කරන්න. ඒ නිසා මේක මිනිස්සු අතරට යවන්න ඕනි නිසයි මේක මිනිත්තු 20 clip එකක් විදියට හැදුවේ.

මේකත් Sosial Media කළඹවන concept එකක් වේවිද?

ඒක තීරණය වෙන්නේ මිනිස්සු දකින කෝණය අනුව තමයි. සමාජයේ වෙන දේවල් තමයි මම Miusic Video වලට ගන්නේ. ආශාවරී තුලත් එහෙමයි. මම මිට මාස ගානකට කලින් කතා කරපුවා අද සමාජයේ සිදුවෙනවා.

ඔබට තියන චෝදනාවක් තමයි you tube views වැඩිකරගන්න ඕනි නිසා Music Video වලට sex ගේනවා කියන දේ..

sex කියන්නේ මොනවද කියල අපේ මිනිස්සු දන්නේ නැහැ. තොල් සිපගැනීමත් sex කියල තමයි හිතන්නේ. අපේ මිනිස්සු මේ දුපත් මානසිකත්වයෙන් එළියට ගන්න තමයි මම එක එක දේවල් අවුස්සන්නේ

හිතාමතා ලංකාවේ මිනිස්සු අවුස්සන්න කැමතියිද?

මං හරිම ආසයි අවුස්සන්න. මිනිස්සුන්ගේ දුපත් මානසිකත්වය නැති කරන්න මම උපරිම try කරනවා. ඒ වගේම තමයි මම හංගන්නේ නැතුව කෙලින් කතා කරනවා .ඉස්සරහටත් එහෙමයි.

ඉරාජ් එක්ක සිදුකළ කතාබහේ ඉතිරි කොටසත් අරන් අපි එනවා ළඟදීම.. ඒ කියන්නේ Chat with Iraj (part-2) එක්ක 

ඉරාජ් අපි කවුරුත් හිතන්නෙවත් නැති දෙකටත් කමතියිලු ඔන්න…

මේ හැමදේම දැනගන්න එකතුවෙන්න sundayapple.lk එක්ක

නිර්මාණි බණ්ඩාරනායක 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: