මර්වින් කක්කුස්සියක් කඩයි

December 1, 2016 | 3:42 pm    0   735

මර්වින් කක්කුස්සියක් කඩයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා නිවසක තාප්පයක් හා වැසිකිලි නානකාමරයක් කඩා ඉවත්කර ඇති බව ඊයේ(30) අධිකරණයෙන් වාර්තා වුනා. ඒ මූලික අයිතිවාසිකම් කඩකිරීමේ චෝදනා මත වන්දි ගෙවන්නට සිදුවූ අවස්තාවකදීයි.

කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ අසිත නානායක්කාර නමැති පුද්ගලයෙකුට අයත් නිවසේ තාප්පය 2016 – 09 – 18 දින නිවැසියන්ගේ විරෝධය මැද කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් බැකෝ යන්ත්‍රයක් ගෙන්වා මර්වින් සිල්වාගේ නියෝගය පරිදි එය ගලවා ඉවත් කල බවත් එම අවස්ථාවේ එතැන මර්වින් සිල්වා සිටි බවටත් පෙත්සමෙන් දැක්විණි.

එම තාප්පය බලහත්කාරයෙක් කඩා ඉවත් කිරීම නිසා මර්වින් සිල්වා මහතා විසින් නිවෙස් හිමියාගේ මූලික හිමිකම් කඩකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කර රුපියල් ලක්ෂ හතරක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කරනු ලැබුවා.

මෙම සිදුවීම සිදුවූ කාලයේ(2010) කිරිබත්ගොඩ පොලීසියේ පොලිස් ස්ථානාධිපතිව සිටි චමින්ද එදිරිසූරිය මහතාද රාජකාරිය නිසි අයුරින් සිදු නොකිරීම හේතුවෙන් තම පුද්ගලික මුදලින් රුපියල් 50,000 ක වන්දියක් ගෙවිය යුතු බවට නියෝග කෙරිණි.

මෙම තීන්දුව ඊවා වනසුන්දර, අනිල් ගුණරත්න සහ කේ. ටී චන්ද්‍රසිරි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය විසින් ලබා දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: