මලල ක්‍රීඩා සංගමයේ මුල් පුටුව පාලිතට ප්‍රනාන්දුට

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ඊයේ (30) තේරී පත්විය. ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී මෙම නිලවරණය පැවති අතර, හිටපු සභාපති සුගත් තිලකරත්න මහාතාට වඩා වැඩි ඡන්ද 47 කින් ඒ මහතා තේරී පත්විය. නව සභාපතිවරයාගේ නිල කාලය වසර 4 කි. ප්‍රනාන්දු මහතා මීට පෙර දෙවතාවක්ම මෙම ධුරයේ කටයුතු කර ඇති පළපුරුදු පරිපාලන නිලධාරියෙකි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස ප්‍රේමා පින්නවල මහතා ද, භාණ්ඩාගාරික ලෙස ශාන්ත ද සිල්වා මහතා ද නිතරගයෙන් තේරී පත්විය. මෙහිදී උප සභාපතිවරු හත්දෙනෙකු තේරී පත්වූ අතර, ඉන් ලාල් චන්ද්‍ර කුමාර මහතා ඡන්ද 68 ක් ලබා අනිමින් ඒ අතරින් පළමුවැනියා බවට පත්විය. උප ලේකම් තනතුරට පත්වූ බර්නාර්ඩ් පෙරේරා මහතා ද එම තනතුරට පත්වුයේ නිතරගයෙනි. උප භාණ්ඩාගාරික ලෙස තනතුරට එච්.ඒ. උපාලි මහතා පත්වුයේ ඡන්ද 65 ක් ලබාගනිමිනි.

තේරී පත්වූ ඉතිරි උප සභාපතිවරු මෙසේය.
ජී.එල්.එස්. පෙරරා (67)
එච්.ඩබ්. නිමල්සිරි (66)
අනිල් වීරසිංහ (61)
ඒ.එස්. අක්මාල් (53)
නයන්ති කුමාර චන්ද්‍රසේන (44)
අයිරාංගනී රූපසිංහ (39)

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව නිලධාරී මණ්ඩලයට Apple Sports හි සුබ පැතුම්….

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + ten =