මල් පැලක් කඩා වැටීමෙන් කුඩා දරුවෙකු මරුට

September 5, 2017 | 4:44 pm    0   341

මල් පැලක් කඩා වැටීමෙන් කුඩා දරුවෙකු මරුට

සිය නිවස ඉදිරිපිට කොන්ක්‍රීට් කණුවක සවි කර තිබූ මල් පැලක් කඩා වැටීමෙන් පසු එයට යටවීමෙන් කුඩා දරුවෙකු මියගොස් ඇති බව මාරවිල පොලිසිය පවයි. 

අද (05) දහවල් මෙම මරණය සිදුව ඇති අතර, මෙසේ මියගොස් ඇත්තේ නාත්තන්ඩිය, දුන්කන්නාව බණ්ඩාරනායකපුර  පදිංචි අවිශ සඳරුවන් නමැති සිව් හැවිරිදි දරුවෙකි.

නිවස ඉදිරිපිට කොන්ක්‍රීට් කණුවක සවිකර තිබූ මල් පැලකට නැගීමට යාමේදී එය කඩා වැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවට මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

එම කොන්ක්‍රීට් කනුවට යටවීමෙන් පසු දරුවා කඩිනමින් මාරවිල මුලික රෝහලට ඇතුලත් කර ඇති නමුත් රෝහල්ගත කිරීමෙන් පසුව දරුවා මියගොස් ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: