මලියදේවය අගමැති කුසලාන රග්බි අවසන් සටනට

June 19, 2017 | 8:41 pm    0   162

මලියදේවය අගමැති කුසලාන රග්බි අවසන් සටනට

By Editor

“මයිලෝ” අගමැති කුසලාන රග්බි තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලය ලකුණු 18-41ක් ලෙස කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට පිවිසෙන්නට ඊයේ (19) සමත් විය. තරගය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

තරගය ආරම්භ වී පළමු අර්ධය අවසන් වනවිට දෙපිලම කරට කර සටනක නිරත වුවත්, එහි වැඩි ගෞරවය මලියදේව විද්‍යාලයට හිමි විය. මලියදේවය වෙනුවෙන් එස්. සී. හේරත් උත්සාහක දිනුම් දෙකක් සහ එච්. ධනංජය එක උත්සාහක දිනුමක් වාර්තා කරන ලදී. ආර්. එන්. හේරත් ප්‍රවර්තන දෙකක් සාර්ථක කරගැනීමට ද සමත්විය.
සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර එය සාර්ථක කර ගැනීමට කේ. ඒ. පෙරේරාට හැකි විය.
(බෙනඩික්ට් 03 – 19 මලියදේව)

තරගය අවසන් වනවිට මලියදේව විද්‍යාලය ලකුණු 18-41ක් ලෙස සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරාජයට පත්කිරීමට සමත්විය. තරගයේ දෙවන අර්ධයේදී මලියදේවය වෙනුවෙන් එස්. සී. හේරත් උත්සාහක දිනුමක්, එච්. ධනංජය උත්සාහක දිනුම් දෙකක් සහ පී. ඒ. වීරරත්න උත්සාහක දිනුමක් සාර්ථක කරගැනීමට සමත් විය. ආර්. එන්. හේරත් ප්‍රවර්ථනයක් ද සාර්කථ කරගැනීමට සමත්විය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඩී. පී. නදීශ් සහ ඒ. එස්. පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ලකුණු මට්ටම ඉහල දැමීමට දායක වූ අතර ඔවුන් ප්‍රවර්ථනයක් මගින් ද ලකුණු ලබාගත්තේය. කේ. ඒ. පෙරේරාට දඩුවම් පහරක් මගින් සිය කණ්ඩායමට ලකුණු එකතු කිරීමට අවස්ථාව ද හිමිවිය.
(බෙනඩික්ට් 18 – 41 මලියදේව)

මයිලෝ අගමැති කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආනන්ද විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර ලබන 23 වැනි සිකුරාදා කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: