මව් කිරිත් මුදලට යට වෙයි

February 26, 2017 | 8:22 am    0   617

මව් කිරිත් මුදලට යට වෙයි

ස්වභාවික මව් කිරි ඉතා ඉහළ මිලකට විකිණිමේ කලු කඩ ජාවාරමක් පිළිබඳ ඕස්ට්‍රේලියාවෙන් තොරතුරු වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිරෝගී මවකගෙන් දොවා ගත් මව් කිරි ලීටරයකට ඇමරිකානු ඩොලර් 300 – 500 අතර මුදලකට අලෙවි වන බවද පැවසේ.

මව්කිරි මිලදී ගන්නේ මව්කිරි නැති මව්වරුන්, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයන්, පිළිකා රෝගීන් සහ මලල ක්‍රීඩකයින් සදහා යැයිද වාර්තා වී තිබේ.

එසේම කාන්තාවන්ගේ පියයුරු සහ මව් කිරි ආශ්‍රිතව ලිංගික ආශාවන් සහිත පුද්ගලයින්ගෙන්ද මේ සඳහා ඉහළ ඉල්ලුමක් පවතියි.

මවගේ සෞඛ්‍ය තත්වය මත මෙම මව් කිරි වල මිල ගණන් වෙනස් වන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: