මසක් ඇතුළත අයියා-මලෝ දෙදෙනාම නිවසේ එකම තැනක ගෙල වැලලාගෙන මිය ගිහින්

July 11, 2017 | 4:52 pm    0   93

මසක් ඇතුළත අයියා-මලෝ දෙදෙනාම නිවසේ එකම තැනක ගෙල වැලලාගෙන මිය ගිහින්

තමාගේ පිරිමි දරුවන් දෙදෙනාම මාසයක් ඇතුළත නිවසේ එකම ස්ථානයකදී ගෙල වැළලාගෙන මියයාම තමාට ඉවසාගත නොහැකි වේදනාවක් බව සිය වැඩිමහල් දරුවාගේ හදිසි මරණ පරීක්ෂණයකදී සාක්කි දෙමින් 64 හැවිරිදි පියෙකු සඳහන් කළේය.

මෙසේ මියගොස් ඇත්තේ බලන්ගොඩ නලුවෙල පදිංචි කේ.ජි. ලසන්ත දීපාල් නමැති 35 හැවිරිදි අයෙකි.

මෙම පවුලේ වැඩිමහලු දරුවන් දෙදෙනාම පිරිමි දරුවන් වන අතර, මිට සති කිහිපයකට පමණ පෙර බාල දරුවා නිවසේ උඩු මහලේ බාල්කයක එල්ලී සිය දිවි හානි කරගෙන ඇති අතර, වැඩිමහලු දරුවා ද එම ස්ථානයේදීම ගෙල වැලලාගෙන මියගොස් සතියේ පසුගිය ඇසල පුන් පොහෝ දිනයේදීය.

හදිසි මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් මියගිය පුද්ගලයාගේ බිරිඳ සඳහන් කලේ සිය සැමියාට මියයාමට තරම් හේතුවක් නොමැති බවත්, මරණය පිලිබඳ ව තමාත හිතාගත නොහැකි බවත්ය.

කෙසේ වෙතත් මියයාමට පැය කිහිපයකට පෙර ඔහු බිරිඳට දුරකතනයෙන් කතා කර ඇති අතර, එම අවස්ථාවේ ඔහු බිමත්ව සිට ඇති බව තමාට වැටහී ගිය බව ද ඇය එහිදී සඳහන් කලාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: