මහනුවර උසස් තාක්ෂණ ආයතනය දින නියමයක් නැතිව වැසූ සිසු ගැටුම

May 18, 2017 | 12:00 pm    0   229

මහනුවර උසස් තාක්ෂණ ආයතනය දින නියමයක් නැතිව වැසූ සිසු ගැටුම

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මහනුවර උසස් තාක්ෂණ ආයතනය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලන අධිකාරිය ඊයේ(17) තීරණය කර තිබේ.
මේ හේතුවෙන් තොරතුරු තාක්ෂණ පාඨමාලා අංශය හැර සෙසු අංශවල අධ්‍යයන කටයුතු යළි දැනුම්දෙන තුරු නොපැවෙත්වන බව පාලනාධිකාරිය පවසයි.
මහනුවර බෝගම්බර පිහිටි උසස් තාක්ෂණ ආයතනයේ උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව අම්පිටිය දඹවෙල ප්‍රදේයේ ස්ථානයක පවත්වා ගෙන යෑමට පාලන අධිකාරිය සැලසුම් කර තිබේ. ඒ සම්බන්ධයෙන් සිසුන්ට දැනුම් දීම සඳහා වන පෝස්ටරයක් ඇලවීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අදාළ තීරණයට පක්ෂ හා විපක්ෂ සිසු දෙපිරිසක් අතර ගැටුම ඇතිව තිබෙන බව ‍පොලීසිය පවසයි.
ගැටුම හේතුවෙන් සිසුන් කිහිපදෙනෙකු සුළු තුවාල ලබා තිබෙන බවද වාර්තා වෙයි.සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ඡායාරූපය-දින ‍නියමයක් නොමැතිව වසා දැමුණු උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් පිටව යන අයුරු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: