මහවැස්සෙන් මරණ 92 යි. 110 අතුරුදහන්, 53,000 ක් පීඩාවට

May 26, 2017 | 6:00 pm    0   246

මහවැස්සෙන් මරණ 92 යි. 110 අතුරුදහන්, 53,000 ක් පීඩාවට

ඇද හැලෙන දැඩි වර්ෂාපතන තත්ත්වයන් යටතේ මේ වන විටත් ගංවතුර, නාය යාම්, අධික සුළං වලට හසුවී මේවන විටත් 92 දෙනෙකු මරණයට පත්ව ඇති අතර , 110 දෙනෙකු අතුරු දහන් ව ඇතැයි අපදා කළමනාකාර මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
මෙම අපදා තත්ත්වය නිසා පීඩාවට පත්වූ සංඛ්‍යාව 53,000 අධික බවද අපදා කළමණාකාර මධ්‍යස්ථනය පවසා ඇත.
ගංවතුරෙන් රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක වල ජනතාවට වැඩිම බලපෑමක් එල්ලවී ඇති බව එම මධ්‍යස්ථානය කියයි.
මෙම අවස්තාවේදි අපදාවට පත් ජනතාවට ජඩුනමින් සහන ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සුරිසේන මහතා ඔස්ට්‍රේලියාවේ සිට දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්‍යාලයීය ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට දැනුම්දී ඇත්තේ අව ශ්‍ය තරම් ලබා දීමට කටයුතු කරන ලෙසයි.මේ අනුව. ජනපති උපදෙසින් අගමැති මැදිහත්වීමෙන් රජය වහාම රුපියල් මිලියන 45 ක් වෙන් කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: