මහින්දගේ රියදුරු යළිත් රිමාන්ඩ්

June 27, 2017 | 5:41 pm    0   111

මහින්දගේ රියදුරු යළිත් රිමාන්ඩ්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරෙකු ලෙස කටයුතු කල කපිතාන් තිස්ස විමලසේන ජූලි 11 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ඒ එම නඩුව අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චනිමා විජේබණ්ඩාර හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

පොලිස් අපරාධ මුල්‍ය විමර්ශන කොට්ඨාශය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් නවගමුව ප්‍රදේශයේ ඉඩමක ගල්කොරියක් පවත්වාගෙන යමින් රුපියල් කොටි 3 කට ආසන්න මුදලක් සාවධ්‍ය පරිහරණය කල බවට වූ චෝදනාවක් මත ඔහුව අත්අඩංගුවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: