“මහින්දට මීළඟ ඡන්දෙට ශ්‍රීලනිපයෙන් නාම යෝජනා නැහැ” – දුමින්ද දිසානායක

July 5, 2017 | 7:41 pm    0   131

“මහින්දට මීළඟ ඡන්දෙට ශ්‍රීලනිපයෙන් නාම යෝජනා නැහැ” – දුමින්ද දිසානායක

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා හිමි නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේදී පැවතී ජනහමුවක දී දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර තිබුණි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන වශයෙන් තවදුරටත් ඉදිරි ගමනක් නොමැති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: