මහ බැංකුවේ හිටපු ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂගේ වත්කම් හෙළිවේ

July 13, 2017 | 9:53 am    0   273

මහ බැංකුවේ හිටපු ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂගේ වත්කම් හෙළිවේ

මහ බැංකුවේ හිටපු ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂ සමන් කුමාර මහතා තමා සතු වත්කම් ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ප්‍රකාශ කළේය. ඒ ශ්‍රී ලංකා මහා බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධව ඊයේ (12) පැවති සාක්ෂි විමසීමකදීය.

මෙහිදී ජේෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාදිපති නිතීඥ දප්පුලද ලිවේරා මහතා විමසා සිටියේ තමාට යාමට අවශ්‍ය නිවසට ද බන්ධනාගාරයට ද යන්නය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ප්‍රකාශ කලේ සත්‍ය ප්‍රකාශ නොකළහොත් දණ්ඩ නිතී සංග්‍රහය යටතේ බරපතල දඬුවම් විදීමට සිදුවන බවයි.

සාක්ෂිකරු 2003 සිට 2001 දක්වාද ඉන්පසු 2015 සිට සේවයෙන් පහකරන තුරු ද ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවක අර්ථසාදක අරමුදලට අනුයුක්තව සේවය කළේය. එම කාලය තුළ තමන්ගේ මැදිහත්වීමෙන් ලබාගත් බිරිඳගේ සහ ඥාතීන්ගේ නම් වලින් ඇති සියලු වත්කම් සාක්ෂිකරු හෙළි කළේය.

  • මැණික් අපනයන සමාගමක් ඇතුළු සමාගම් 3ක හිමිකාරිත්වය.
  • රජයේ සේවකයෙකුට හිමි වැටුප
  • වාහන 5ක් (මින් බවුසර් රත් 2ක් ඛණිජ තෙල් සංස්ථාවට කුලී පදනම මත ලබා දී ඇත.)
  • හැටන් නගරයේ ඉන්නධ පිරවුම්හලක්
  • රස කැවිලි ව්‍යාපාරයක්
  • මැණික් අපනයනය
  • පුළුන් නිෂ්පාදන කර්මාන්තශාලාවක්
  • අම්බලන්ගොඩ නගරයේ රෙදිපිළි අලෙවිසැලක්
  • අලුත්ගම නගරයේ රෙදිපිළි අලෙවිසැලක් සහ රපලවන්‍යාගාරයක් 
  • කොළඹ 7 තට්ටු නිවාසයක් 
  • පානදුර නගර මධ්‍යයේ පර්චස් 18ක් 
  • රුපියල් ලක්ෂ 500 වටිනාකමකින් යුත් තට්ටු 3 ක නිවසක් සමඟ අම්බලන්ගොඩ නගරයේ පර්චස් 9ක්
  • අම්බලන්ගොඩ නගරයේ සිව් මහල් ගොඩනැගිල්ලක්
  • සාක්ෂිකරුගේ බිරිඳගේ නමින් රුපියල් ලක්ෂ 120 ට වැඩි ස්ථාවර තැන්පතු
  • තැරව්කාර ආයතන 3ක් හරහා කොටස් වෙළඳපොලේ ආයෝජනා සිදු කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: